free hit counter

බුද්ධික පතිරණ අරක්කු සමාගමකට වැඩ කරන බවට සැකයක්

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අරක්කු බෝතල් වල ස්ටිකරයක් ඇලවීමේ ටෙන්ඩර් පටිපාටිය තුළ ඇති ගැටලුකාරී තත්වය පිලිබඳ පාර්ලිමේන්තුවේ දී කල කතාව පිටුපස අරක්කු නිෂ්පාදකයින් සිටින බවට සැක පහළ වන බව ජනතාව චෝදනා කරනවා.පාර්ලිමේන්තුව තුලට බෝතලයක් රැගෙන ඒමත්,එය ප්‍රශ්න නොකරන ලෙස ඒ මොහොතේ කළ ඉල්ලීමත් මේ පිලිබඳ කතාබහ ඇතිවීමට හේතු වී තිබෙනවා.

ඉන්දියානු සමාගමකට එම ටෙන්ඩර ලබා දීම පිටුපස සිටින්නේ කවුද සහ,පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෙම ටෙන්ඩරය සම්බන්ධව අක්‍රමිකතා සිදු වී ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා,ජනාධිපති තුමා දුරකතනයෙන් මේ ගැන විමසු බවත්,එයට පිළිතුරු දීමට ලැදියාවක් නැතැයි පිළිතුරු දුන් බවත් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අරක්කු බෝතල් මිලියන 40ක් වසරකට පාවිච්චි කිරීම සහ ඒ අනුව මෙයින් අදාල ස්ටිකර් සමාගමට හිමිවන වරප්‍රසාද ගණනය කළහොත් එහි වටිනාකම ගැන සිත ගත හැකියි යනුවෙන් ප්‍රකාශ කල ඔහු දිගින් දිගටම මේ පිළිබඳව විමසීමෙන් කියාපාන්නේ අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමට දැයි සැකයක් මතු වී තිබෙනවා.

Facebook Comments