free hit counter

රටම වහන්න ඕන නෑ.රට නැවත යථාතත්වයට පත් කරන්න පුළුවන්

“අපි අභියෝග  ගණනාවක් ජය ගත්ත වෛද්‍යවරු  අපේ ඉන්නවා.මේක අපහු හරවන්න පුළුවන්.
රටම වහන්න ඕන නෑ”
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා මෙලෙස  ප්‍රකාශ කර සිටියා.
“ජනාධිපතිතුමා අප මාර්තුවල රට වහන්න කිව්වම ම ඒ  දේ කලා.මේ වසංගතයක් එක්ක දේශපාලනය කරන්න එපා.සෞඛ්‍ය කියන්නේ රටේ ප්‍රධාන අංශය. ආර්ථිකය රදා පවතින්නේ සෞඛ්‍ය හොදනම් තමයි.”
එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල අසාර්ථක නොමැති  බවත්, එය මුලින්ම ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ වෙත ලබා දීම දෙවන මාත්‍රාව ලබා දීම තුළිනුත් සිදු විය යුතු බවත්,පසුව ජනතාව වෙත ලබා දීම සිදු විය යුතු බ්වට්,එය කලට ගෙන්වීම රජයේ කාර්යක් බවත් ප්‍රකශ කළා.
“ඒ නිසා ICU අඩන වලින් ලෙඩේ ගැන බලන්න එපා,හැම කෙනෙකුටම  කිසිම රටකට ඇදන්  දෙන්න බෑ .වෛද්‍යවරු 14 දෙනෙකුත් ආසාදිතයි.නමුත් ජනතාව තීරණය කරන්න.හරියට හැසිරෙන්න.අවුරුදු සමරන්න එපා කියල කිව,දැන්වත් හරියට සෞඛ්‍ය පිළිවෙත් කරන්න.”
“මාධ්‍යත් අවුරුදු කෑවා.මාධ්‍යත් මුලිකත්වය දීල මේ පණිවිඩය අරන් ගියේ නැහැ.අපි ඉන්දියාවක් වෙන්නේ නෑ .අපේ ජනතාව මේ දේ පාලනය කර ගනියි.”

රටේ යම් යම් ප්‍රදේශ හදිසියේ වැසීමට සිදුවන් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

Facebook Comments