free hit counter

ධවල මන්දිරයට අභිරහස් ප්‍රහාරයන් දෙකක්

පසුගිය වසරේ නොවැම්බරයේ ධවල මන්දිරය අසල අභිරහස් ප්‍රහාරයන්ට සමාන සිඋවීම් දෙකක් ඇතිවූ බව වාර්තා වේ.

පෙන්ටගනය සහ ඒ පිළිබඳව විමර්ශනය කරන වෙනත් ආයතන සිදු වූ දේ පිළිබඳව පැහැදිලි නිගමනයකට එළඹ නොමැති අතර ධවල මන්දිරයට ආසන්නව එවැනි ප්‍රහාරයක් සිදුවී තිබීම විශේෂයෙන් තැතිගන්වන සුළු බව ඔවුන් පවසනවා.

ධවල මන්දිරයේ දකුණු පැත්තේ ඇති විශාල ඉලිප්සාකාර තණකොළ පිට්ටනියක් අසල සිදු වූ එම සිදුවීම එක් ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරියෙකු රෝගාතුර කළ බව වර්තමාන හා හිටපු එක්සත් ජනපද නිලධාරීන් ස සඳහන් කරයි.

2019 දී ධවල මන්දිරයේ නිලධාරියෙකු වොෂිංටනයට නුදුරින් වර්ජිනියා නගරාසන්නයේ සිය බල්ලා ඇවිදිමින් සිටියදී මෙවැනිම ප්‍රහාරයක් සිදුව ඇති බව ද වාර්තා පෙන්වා දෙනවා.

රෝගාතුර වූවන් සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර “සිද්ධිය හවානා සින්ඩ්‍රෝම්” ප්‍රහාරය ලෙස නම් කර තිබේ.ප්‍රහාරයට ගොදුරු වූවන් කන් ගැසීම, කශේරුකාවේ වේදනාව, හිසේ කැක්කුම, අධික ශබ්දයකට ගොදුරුවීම සහ ඔක්කාරය වැනි විවිධාකාර රෝග ලක්ෂණ වලින් පෙළුණු බව වාර්ථා පෙන්වා දෙනවා.

Facebook Comments