free hit counter

යුනෙස්කෝව නම් කළ ලංකාවේ අලුත්ම ලෝක උරුමය

මෙරට ඉදි වූ පළමු වැව ලෙස සැලකෙන අනුරාධපුරයේ පිහිටි අභය වැව හෙවත් බවක්කුලම වැව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇත.

ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පණ්ඩුකාභය රජු විසින් අභය වැව ඉදිකරන ලද අතර ඊට පෙර ඉදිවූ වැව් පිළිබඳ වෙනත් ලෝකයේ වෙනත් රටවලින් වාර්තා වී නැති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලයේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා පැවසීය.

ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා අවශ්‍යතා දහයක් තිබේ. එයින් එකක් හෝ සම්පූර්ණ කර තිබිය යුතු වුවත් අභය වැව ඉන් අවශ්‍යතා හතරක් සපුරා ඇති බවත් ආචාර්ය මීගස්වත්ත මහතා කීය.

අභය වැව ලෝක උරුමයක් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් අවසන් කර ඇති බව ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලය දන්වා සිටී.

Facebook Comments