free hit counter

මංගලගේ බත් බැලයෝ

පසුගිය ආණ්ඩුව නිසා ගොඩ ගිය බොහෝ දෙනෙක් ජනතා මුදල් අවභාවිතා කරමින් සිය පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කළ බව රටටම නොරහසකි.

පසුගිය ආනුවේ විවිධ නිළතල ලැබූ පිරිස ආන්වේ මුදලින් ආණ්ඩුවේ කාර්යාල තුළ බරපතළ අවභාවිතාවන් කරමින් සමාජමාධ්‍ය ජාළා වල විවිධ වෙබ් අඩවි, ෆේස්බුක් පිටු ජනප්‍රිය කරගැනීම සඳහා කටයුතු කළේය.

මෙහි ප්‍රධාන කාර්යයක් කළේ මංගල සමරවීර හා පාඨලී චම්පිකගේ පිරිස්ය, රජයේ විවිධ ආයතන වල විවිධ තනතුරවලට පත්කළ පිරිස් බොහෝවිට මංගලගේ නිවසේ නැත්නම් දැනට ජනප්‍රිය සමාජ මාධ්‍ය ආයතන වල රජයේ වැටුප් ලබමින් සේවය කළා විනා කිසිඳු ආකාරයකින් ජනතා සේවයක් සිදු නොකළෝය.

ඔවුන්ගේ එකම වෘත්තීය වූයේ රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කරමින් රාජපක්ෂ පවුලට හා එකළ ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කළ කණ්ඩායම් වලට මඩ ගැසීමයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවා වී පාදඩ සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කළේය.
නමුත් කිසිඳු දක්ෂතාවයක් නොමැති ජනතා මුදල් මංකොල්ල කෑ මෙම පිරිස් පිළිබඳ තැබූ විශ්වාසය හේතුවෙන්ම සජිත් ප්‍රේමදාස පරාජයට පත්වූ අතර අවසානයේ මේ අතරින් කිහිප දෙනෙකුට තමන්ගේ උග්‍ර පාක්ෂිකයන් පිරිසක් රඳවාගත හැකි සමාජ මාධ්‍ය ගිණුම් හා වෙබ් අඩවි පවත්වාගන යාමට අවස්ථාව හිමිවිය.

අද ආණ්ඩුව විවේචනය කරන බොහෝ පිරිස් අශාවෙන් වැළඳගන ඇත්තේ මෙම වෙබ් අඩිවි හා සමාජ ජාළා ගිණුම්ය. එදා ආණ්ඩුවෙන් පිනට රැකියා ලබාගත් මෙම පිරිස් අද මෙම සමාජ මාධ්‍ය ගිණුම් තම ජීවිකාව කරගනිමින් කටයුතු කරමින් සිටී.

ඔවුන්ගේ එකම කටයුත්ත ආණ්ඩුවට එරෙහිව යම්කිසි විහිළුවක් හැම දිනකම සමාජ ගත කිරීමයි. මේ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ තම වෘත්තීය ගරුත්වය අහිමි කරගනිමින් පක්ෂග්‍රාහිව කටයුතු කළ අසාම් අමීන් නමැති පුද්ගලයාය. ඔහු BBC මාධ්‍ය ආයතනයෙන් එළවා දැමුවේ මංගලගේ කොන්ත්‍රාත් කිරීමට ගොස් අතටම අහුවු නිසාය.

මංගල එදා සිට කළේ මෙවැනි බත්බැලයන් නිර්මාණය කිරීමය, එයට හොඳම උදාහරණය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නට රැකියාව ලබා දුන්නේ තමන් ලබා දුන් ලිපියකින් බව මංගල විසින්ම පාර්ලිමේන්තුව තුළ හෙළි කිරීම හේතුවෙනි.

ඒ බොහෝ කලකට පෙර මංගල පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිටියදීය, පසුගිය ආණ්ඩු සමයේදී එවැනි රැකියා ලැබූ බොහෝදෙනෙක් අද මේ ආණ්ඩුවට එරෙහිව මඩ ගසමින් සිටින්නේ මංගල ලබා දුන් සැප සිහිපත් රමින් නැවත වතාවක් එවැනි සැපක් ගැනීමේ අරමුණින් විනා සැබෑ දේශප්‍රේමිත්වයකින් නොවන බව පෙන්වා දිය යුතුය.

මෙහි ඇති නිර්ලජ්ජිතම කාරණයනම් විප්ලවාදින් ලෙස තමන්ව පෙන්වා දෙන පෙරටුගාමින් මෙම නින්දිත සමාජ ජාලවල ප්‍රේක්ෂකයන් වී සිටීමයි.

මංගලගේ බත් බැලයන් පෙරටුගාමීන්, ජේවීපී කාරයන්ගේ කරමති ගොඩයා හැකි විවිධ නිර්මාණ කරමින් ඔවුන් බිලිබා ගනිමින් සිටින අතර එය පෙරටුගාමින් හා ජේවීපී කාරයින්ගේ හිස් මොලවල තරම රටටම පෙන්වයි.

Facebook Comments