free hit counter

කිංස්ලි පමණක් නොව රටම හෙට ජනපති සමග එකතුවනු ඇත

කොවිඩ් වසංගතය මැද්දේ කිංස්ලි ගැන කතාබහක් ඇතිව තිබේ.ඒ වසර 25 ට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේස්ත්‍රයේ හොද නමක් දිනා ඇති කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් වීමත් සමඟ ය.

යමෙකුට සිරසයි කිංග්ස්ලියි එකක් විදියට පෙනෙන්නට පුළුවන.නො එසේනම්, එලෙස පෙන්වා දෙමින් එය ජනගත කිරීම උදෙසා මහන්සි වන්නට පුළුවන.සත්‍ය නම් එය කුහක කමින් පිරී ගිය ලාංකීය ජන සමාජයේ කැඩපත එළිදක්විමක් පමණි. දක්ෂයෙක් වෙනුවෙන් නිසි තැන ලබා දීම ගැන ජනාධිපතිට ගරු කළ යුතු ය. මෙය බොහෝ රාජ්‍ය නායකයන් නොකළ දෙයකි.කොහෙන් හෝ හමුවනා තමන්ට කඩේ යන එකෙක් තනතුරේ තබා පිටපතට අනුව රඟපෑමට කීම සාමාන්‍ය සම්ප්‍රදාය බව නොරහසකි.

අනෙක් අතට කිංස්ලි ලක්ෂ ගත වන්නේ ගුවන් විදුලියෙන් ඇසු සම්ප්‍රදායික භාෂාව ජන මනස ඉල්ලන ආකාරයේ වෙනසකට ලක් කිරීමේ පුරෝගාමියා බවට පත් වීමෙනි.ඒ ඔහු උගත් මාධ්‍යවේදියෙකු බැවිණි.ඒ වෙනස වර්තමානයේ පදුරකට ගැහුවත් විසිවන මාධ්‍යවේදී ජෝකර්ලාගෙන් කිසි විටකත් අපේක්ෂා කළ නොහැකි ය. ඔහුගේ භාෂා විලාසය සිංහල භාෂාව දුෂණය නොකළ එකකි.එසේ ම කියන දේ හොදින් වටහා ගැනීමට අසන්නාට හොදින් අවකාශය ලැබෙන්නා සේ ම,කණට මිහිරි ය.

වර්තමානයේ ජනාධිපතිට අවශ්‍ය ව ඇත්තේ එවන් සන්නිවේදකයෙකි.පැහැදිළි ව ජනතාව වෙත තොරතුරු ලබා දිය හැකි ප්‍රියමනාප පුද්ගලයෙකි.ඒ සුදුසුකම ඕනෑවටත් වඩා කිංස්ලි සතුව පවතින බව අප කවුරුත් පිළි ගනී.

දේවදාර ගස් දරට ගන්නවා කියමින් කුහක කමින් ඔද්දල් වී ගිය, යන්තමින් මාධ්‍ය අතපතගා දේශපාලන පක්කලිකම් කරමින් නැති පෞරුෂයක් හදා ගැනීමට උත්සාහ ගන්නා හෙන්චයි මාධ්‍ය කටු කන්නන්ගේ බිරුම් හඬ, මේ මොහොතේ නොඇසෙන බව ද මතක් තබා ගත යුතුය.

ආණ්ඩුවේ වැරදි හෝ හොද ඒ අයටම ය.එහෙත් තමන් කැමති අකමැති වුව ද දක්ෂයාට නිසි තැන ලැබෙන විට එයට ගරු කළ යුතු ය.අප අපේක්ෂා කළ සමාජය අපට ලැබී නැති බව සත්‍යයකි.එහෙත් එය කුමන හෝ තත්වයක් යටතේ සිදුවන විට එය අගය කල යුතු ය.එය යහපත් පුර්වාදර්ශයකි.එය අනාගත දේශපාලකයින්ට ආදර්ශයකි.එමෙන් ම නිවැරදි පාරේ ගිය නිර්මාණශීලි උගතුන්ට ධෛර්ය ලබා දීමකි.

මේ සටහන, උගතුන් පිරි සමාජයක් අපේක්ෂා කරණ ඔබට කරන ආමන්ත්‍රණයකි.

Facebook Comments