free hit counter

ජනපති කාර්යාලයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක්

වසංගත තත්ත්වය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා දුරස්ථ මාධ්‍ය මගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ දෛනික කාර්යාලයීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් ඉටු කිරීමට අවස්ථාව සලසා ඇත.

ඉදිරි සති 2ක කාලයේදී ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත ඇති දුරකථන සහ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ විය හැකි වේ.

ජනාධිපති මහජන සම්බන්ධතා අංශය :- 011 4354550, 011 2354550

ෆැක්ස් අංක :- 011 2348855

විද්‍යුත් ලිපිනය:- publicaffairs@presidentsoffice.lk

ඔම්බුඩ්ස්මන් කාර්යාල දුරකථන අංකය :- 011 2338073

විද්‍යුත් ලිපිනය :- ombudsman@presidentsoffice.lk

ජනාධිපති අරමුදල :- 011 2354354

ෆැක්ස් අංකය :- 011 2331243

Facebook Comments