free hit counter

ජනපතිට නිතර අපහාස කරන්නේ හීනමානයෙන් පිඩා විඳින මිනිසුන් බව පර්යේෂණයක් පෙන්වා දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපහාස කරමින් ලංකාව විනාශට පත්වන බව නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ගේ මානසික තත්ත්වය පිළිබඳ පසුගිය කාලය පුරාම සිදුකරන ලද පර්යේෂණයක ප්‍රථිපල නිකුත්ව තිබේ. මෙම පර්යේෂණය විවිධ පුද්ගලයන් 1000 කගේ පමණ සමාජ මාධ්‍ය ගිණුම් ආශ්‍රයෙන් සිදු කර තිබේ.

ඒ අනුව නිතර නිතර ජනපතිට අපහාස කරන පුද්ගලයන් යම්කිසි අඩුපාඩුවක් හේතුවෙන් හීනමානය නමැති මානසික ගැටළුවෙන් පිඩා විඳින පිරිසක් බව අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරයාගේ තීරණ සම්බන්ධයෙන් ධනාත්මකව විවේචනයක් ගෙන එන පිරිස් ද විවේචකයන් අතර සිටින නමුත් ඔවුන් නිතර නිතර අපහාස කරන පිරිස අතරට නොවැටෙන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ජනපතිට අපහාස කරන බොහෝ දෙනෙකු සජිත් ප්‍රේමදාසට හා රතු පක්ෂ දෙකකට සහය දක්වන බවත් මෙම පර්යේෂණය පෙන්වා දෙති.

මෙලෙස මානසික ගැටළුවට පත්වූවන්ගෙන් බහුතරයක් තම සමාජ ජීවිතය ආසාර්ථක කරගත් අයවලුන් වන අතර බොහෝ දෙනෙක් ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බවත්, රහසේ ඉතාලියට පැන ගිය පුද්ගලයන් රාශියක් ඒ අතර සිටින බවත් පැහැදිළි වූ බව පර්යේෂකයෝ සඳහන් කරති.

මෙම පුද්ගලයන් ගේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් නිතර නිතර කිසිඳු පදනමකින් තොරව ඕනෑම ආකාරයකින් ජනාධිපතිවරයා මඩ ගසන ආකාරයේ පොස්ටු ශෙයා කරන බවත් පැහැදිළි වේ.

නිතර නිතර ජනාධිපතිවරයාට අපහාස කිරීමට අමතරව ශ්‍රී ලංකාව හෙට දිනයේ විනාශ වන බව ඉඟි කෙරෙන දේවල් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් ප්‍රචාරය කෙරෙන බවත් පර්යේෂණයේ ප්‍රථිපල පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙවැනි පුද්ගලයන් හඳුනාගන ඔවුන්ට අනුකම්පා කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතු බව පර්යේෂණයේ ප්‍රථිපල පෙන්වා දෙයි.

Facebook Comments