free hit counter

හෝන් ගහන්න ගිහින් විපක්ෂයේ වීරයෙක් වූ තරුණයා රජයෙන් හා පොලිසියෙන් සමාව ඉල්ලයි

චීන ආරක්ෂක ඇමතිවරයා බොරැල්ල ප්‍රදේශයෙන් සංචාරය කරද්දී එයට විරෝධය පළ කරමින් නීති විරෝධී රැස්වීමක් සංවිධානය කළ පුද්ගලයා අද අධිකරණයෙන් ඇප ලබා පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා රජයෙන් හා පොලිසියෙන් සමාව ඉල්ලීමට කටයුතු කළේය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම තරුණයා වසර 10 ක පමණ කාලයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි අයෙකු බව හෙළි විය.

ආණ්ඩු විරෝධය සිය පටු පරමාර්ථ අනුව නොව බුද්ධිමත්ව රට අපකීර්තියට පත් නොකරමින් දේශපාලනිකව විසඳාගත යුතු ගැටළුවක් බව මොහුගේ හැසිරීම පෙන්වා දෙන බව ආණ්ඩුවට සම්බන්ධ පිරිස් අදහස් දක්වමින් කියා සිටී.

Facebook Comments