free hit counter

චීනය ලොව අංක එක කළ කොමියුනිස්ට් පක්ෂය මෙන් ලංකාව දිනවන පොහොට්ටුව

ලෝකයේ විවිධ දේශපාලන සංවිධාන නිර්මාණය වන්නේ එකිනෙකට වෙනස් සමාජ, දේශපාලන, ආර්ථික තත්ත්වයන් මතය. චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවන්නේ එවැනි චීනයටම ආවේනික වූ වටපිටාවක් හේතුවෙනි. චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පත්වීම එකළ බටහිර ලෝකය අවුල් සහගත කළේය. රුසියානු බෝල්ෂෙවික් පක්ෂය, කියුබානු විප්ලවය සමග චීන කොමියුනිස්ට් පක්ෂය බටහිර රටවලට එම රටවල සම්පත් මංකොල්ලයට ඉඩ නොතැබූ අතර තම රටේ සම්පත් යොදාගනිමින් සාර්ථක රාජ්‍යයක් නිර්මාණය කරගැනීමට එම රටවල්වලට හැකිවිය.

තමන්ගේම නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරගත් මෙම රටවලට අභියෝග කරන්නට අද ලොව කිසිඳු බලවත් රටක් සමත් කමක් නොදක්වයි. එයට හේතුවන්නේ තමන්ගේම ස්වදේශික ක්‍රමයක් නිර්මාණය කරගැනීමට එම රටවලට හැකිවීමයි.

ශ්‍රී ලංකාව මෙවැනි ක්‍රමයකට ගෙනයාමට 1970 බලයට පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව කටයුතු කළ ද ඇමරිකානු රහස් ඔත්තු සංවිධානයේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වූ 1971 කැරැල්ල ස්වදේශික අර්ථක්‍රමයකට ශ්‍රී ලංකාව ගෙනයාමේ සිහිනය විනාශ කළේය.

1971 කැරැල්ලේ උච්චස්ථානය ඇමරිකානු කුමන්ත්‍රණයක් බව තහවුරු වන්නේ 1977 එක්සත් ජාතික පක්ෂය පක්ෂය 5/6 ක බලයක් ලබාගනිමින් විවෘත ආර්ථිකයට ලංකාව විවෘත කිරීමට එය පදනම සැපයු බැවිණි.

එහි අවසන් ප්‍රථිපලය වූයේ ලංකාව අවුරුදු 30 ක යුද්ධයකට ඇද දමමින් ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික දේහය සම්පූරණයෙන්ම විනාශ වීමයි. මිනිසුන් සතු වූ සියලු වටිනාකම් විනාශ වූ අතර මුදල් ප්‍රමුඛ සමාජයක් නිර්මාණය විය. දේශීය නිෂ්පාදනය, කෘෂි ආර්ථිකය හා සාමකාමී සමාජ ජීවිතය නැත්තටම නැති විය.

ඉතිහාසය කෙසේ වෙතත් 2015 ජනතා විප්ලවයේ නියම අර්ථය කුමක්ද යන්න අපට දැන් නිවැරදිව පැහැදිළි වෙමින් තිබේ. එදා ජනතාව දුර්වල පාලකයෙකු බලයට පත් කර අපේක්ෂා කළේ ශක්තිමත් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වීමට අවශ්‍ය සමාජ පරිසරය සකස් කිරීමයි.

ඒ අනුව ඇතිවූ සමාජ ආර්ථික දේශපාලන පරිසරය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය විය. ලංකා ඉතිහාසයේ ඉතාම කෙටි කලකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් කිරීමට ජනතාව කැමති වූයේ නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය සමාජ අවශ්‍යතාවයක් වූ බැවිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලංකාව දිනවීමට සමාජය විසින්ම නිර්මාණය වූ සමාජ ව්‍යාපාරයක් බවත් එහි වාමාංශික විභවය එයට පැහැදිළි සාක්ෂියක් බවත් අප හඳුනාගත යුතුය.

Facebook Comments