free hit counter

ලංකා ඉතිහාසයේ නරකම ආර්ථික පසුබෑම වාර්තාවී තිබේ – මහබැංකුව

පසුගිය වසරේ සිය ආර්ථිකය සියයට 3.6 කින් හැකිලී ගිය බව ශ්‍රී ලංකාව සිකුරාදා නිවේදනය කළේය. 1948 සිට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු රටට සිදුවූ දරුණුතම ආර්ථික පසුබෑම මෙයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික වාර්තාවෙන් කියා සිටියේ 2021 දී ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් වැඩිදියුණු කළ දේශීය නිෂ්පාදන හා සේවා පසුබිම මත සියයට 6 ක ශුභවාදී වර්ධනයක් වාර්තා කරන බවත්ය.

“වසංගතය මගින් ආර්ථිකය නැවත සකස් කර ගැනීමටත්, දිගු කලක් තිස්සේ පවතින ව්‍යුහාත්මක දුර්වලතා විසඳීමටත්, නිෂ්පාදන මත පදනම් වූ, ඵලදායිතාව මත පදනම් වූ ආර්ථිකයක් ඇති කිරීමටත් අවස්ථාවක් ලැබී තිබේ.

කොරෝනා වයිරස් වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක අංශයට බලපෑවේය. ඉදිකිරීම්, නිෂ්පාදන සහ සේවාවන්හි තියුණු සංකෝචන දක්නට ලැබුණු බව බැංකුව පවසයි.

මධ්‍යම රජයේ ණය ද පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 101 දක්වා ඉහළ ගොස් ඇති බව බැංකුව පවසයි. ඊට පෙර වසරේ එය සියයට 86.8 කි.

පසුගිය වසර තුළ රටේ විදේශ සංචිත තියුනු ලෙස පහත වැටීම නිසා ශ්‍රී ලංකාවට සිය විශාල විදේශ ණය ගෙවීමට ඇති හැකියාව පිළිබඳව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන බිය පළ කර තිබේ.

Facebook Comments