free hit counter

රුසියාවේදී රූ රැජිණ කිරුළ දිනු ලංකාවේ බ්ලැක් බියුටි

රුසියාවේදී පැවැති ‘මිස් සැෆායර් වර්ල්ඩ්’ 2021 රූ රැජිණ තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ අපණ්ණක කුලියාපිටිය සමත් ව තිබේ.

තරගකාරීයන් රැසක් මෙම තරගය සඳහා එක්විය. නොවැම්බර් මාසයේදී ඇරඹී මෙම තරගාවලියේ පළමු වටයෙන් අවසන් 15 දෙනා අතරට තේරී පත්වන්නට අපණ්ණක සමත් වූවාය. මෙම තරගාවලියේ අවසන් වටය සඳහා තේරී පත්වූ තරගකාරීන් අතර කළු සමක් සහිත තරගකාරියක වූයේ ඇය පමණි. මෙම තරගාවලියේ අවසන් තරගය පසුගිය 24 වැනිදා පැවැත්විණි.

මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය රුසියානු ජාතික ෆයානා විසින් දිනා ගත්තාය.

ජයග්‍රහණයෙන් අනතුරුව රුසියාවේ සිට අදහස් දැක්වූ අපණ්ණක කියා සිටියේ තමන්ට මෙම තරඟයේ ස්ථානයක් දිනාගත හැකි බව නොසිතු බවයි. එසේම තරඟාවලියට සහබාගි වූ සියලු දෙනා රුසියානු භාෂාව කතා කළ නමුත් ඇයට ඉංග්‍රීසියෙන් කතා කිරීමට දුන් බවත් ඇය පැවසුවාය.

වැඩිදුරටත් ඇය අදහස් දක්වමින්, ‘ලංකාවේදී මම අනන්ත ප්‍රශ්න වුණා. හිත් රිදුණ ඒවා තමා වුණේ. මම කැමති මගේ ස්වාභාවික විදිහට යන්න. මම කළුයි. ඒත් මට කවදාවත් සුදුවෙන්න ඕන වුණේ නෑ. මගේ දත්වලට පවා චෝදනා කරපු අවස්ථා තිබුණා. නමුත් මෙහෙ මට ස්වාභාවික විදිහට ඉස්සරහට යන්න ඒක තමා හොඳ කිව්වා. මම මාව හැටියටම ඒ අය පිළිගත්තා. මාව වෙනස් කරලා ගන්න දිනුමක් මට වැඩක් නෑ’ යි පැවසුවාය.

 

Facebook Comments