free hit counter

සජිත් ඉවත්කර විපක්ෂ නායකකම චම්පිකට දෙන්න

රටක දේශපාලන ස්ථාවරභාවය පැවතීමට නම් ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක්ද පැවතිය යුතු බව දේශපාලන විද්‍යාඥයන් නිතර මතක් කරන න්‍යායාත්මක කරුණකි.නමුත් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකධූරයේ කටයුතු කරන ආකාරය නිසා ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය අරාජිකභාවයකට පත්ව ඇති බව විපක්ෂයේ බුද්ධිමත් මන්ත්‍රීවරු හෙළි නොකරන රහසකි.

නමුත් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොඩනැගෙන විපක්ෂ මතය විපක්ෂයේ නායකත්වයක් අපේක්ෂාකරන බව එළිපිටම කියන්නට පටන්ගන තිබේ.

සජිත් එතරම් බුද්ධිමත් කෙනෙකු නොවන බව රටම දන්නා රහසකි. ඔහුගේ ආධ්‍යාපන සුදුසුකම් එතරම් පැහැදිළි නැති අතරම ඔහුගේ සාමාන්‍ය දැනුම එතරම් ඉහළ මට්ටමක නොමැති බව ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකිය. ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සජිත්ට පක්ෂ නායකත්වය ලබා නොදීමට ප්‍රධාන හේතුව ද එයයි.

ඔහුට ඇති එකම සුදුසුකම රණසිංහ ප්‍රේමදාසගේ පුතා වීම පමණකි. ඒ ඔහුගේ තරමය. නමුත් ඔහුගේ තරම ලංකාව වැනි රටක විපක්ෂනායක කම කරන්නට තරම් සුදුසුකමක් නොවන බවත් රාජ්‍ය නායකත්වය දරන්නට තරම් ඔහු වැනි පුද්ගලයෙකුට කිසිඳු දිනෙක හැකියාවක් නොමැති බවත් සිහිබුද්ධියෙන් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පෙනේ.

මෙවන් මොහොතක විපක්ෂ කණ්ඩායමේ කාර්යභාරයවන්නේ සත්‍ය ලෙසම තමන් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනිසිටිනවාද නැත්නම් රට වෙනුවෙන් පෙනී සිටිමින් උගත් බුධිමත් කාර්යශූර මිනිසෙකු විපක්ෂනායක ලෙස පත් කර රාජ්‍ය නායකත්වයට පුහුණු කිරීම හා ආණ්ඩුවේ කාර්ය වඩා ඵලදායිව කරගන යාමට අවශ්‍ය විපක්ෂයේ කාර්ය කරමින් රටේ අභිවෘදිය වෙනුවෙන් කටයුතු කරනාවාද යන තීරණය ගැනීමයි.

ඒ අනුව විපක්ෂනායක ලෙස චම්පික රණවක පත්කර විපක්ෂය සිය දේශපාලන කටයුතු ඉදිරියට ගෙන නොගියහොත් තවත් වසර 20 කාටවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කිරීම සිහිනයක් පමණක්ම වනු ඇත.

Facebook Comments