free hit counter

අලුත් වමතා බංගලාදේශය දණ ගස්වයි

තම පළමු තරඟයෙන් ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම සංචාරක බංගලාදේශ කණ්ඩායම තම අණසක යටතට ගනිමින් ලකුණු 96 ට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වුණා.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය වන අද බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 250 ට දවා ගනිමින් තම දෙවැනි ඉනිමට අවතීර්ණ ව ශ්‍රීලංකා කණ්ඩායම අද තරඟය නතර කරන කඩුලු 2 ට ලකුණු 17 ලබා බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 259 ඉදිරියෙන් සිටියා.

කෙසේ වෙතත් වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම 1999 වසරේ උපුල් චන්දන පකිස්ථානයට එරෙහිව තම මංගල තරගයේදී ලකුණ ලකණු 179 ට කඩුලු 6 දවා ගනිමින් තැබූ වාර්තාව අභිබවා යමින් තම නම වාර්තා පොත් අතරට එකතු කරන්නට සමත් වූ 22 හැවිරිදි මෙම තරුණයා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යලයේ අධ්‍යාපනයය ලබා කොල්ට්ස් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ වෙනුවෙන් පළමු පෙළ තරඟ වලට සහභගි වී ඇති ක්‍රීඩකයෙක්.

Facebook Comments