free hit counter

තෙල්දෙණියේදී පොලීසියෙන් වෙඩි තැබීමක්

තෙල්දෙණිය, දිගන, අඹගහලන්ද ප්‍රදේශයේදී සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය, අපරාධවලට සම්බන්ධ පිරිසක් සිටින බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ඔහු කියා සිටියේය.

පොලීසිය එම ස්ථානයට ගිය පසු සැකකරුවන් පොරවකින් පහර දීමට තැත් කර ඇති අතර එහිදී පොලීසිය ගිනි අවි යොදමින් බලය පාවිච්චි කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය.

ඔහු පැවසුවේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

තවත් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Facebook Comments