free hit counter

ලංකාවේ සියලු ත්‍රිරෝද රථ එකම අන්තර්ජාල යෙදවුමකට

ශ්‍රී ලංකාව පුරා ඇති ත්‍රිරෝද රථවල තොරතුරු ඇතුලත්වන අන්තර්ජාල යෙදවුමක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අදහසකට අනුව නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

සියලුම ත්‍රිරෝද රථවල හිමිකරුගේ නම, දුරකථන අංකය, චැසි අංකය සහ දැනට කුලී රථ සේවාවක යෙදේ නම් එහි විස්තර එම යෙදවුමේ ඇතුළත් වන අතර QR කේතයක් ද ත්‍රිරෝද රථයේ සටහන් කිරීමට පියවර ගැනේ.

යම් අයුරකින් ත්‍රිරෝද රථයක් අපරාධයකට සම්බන්ධ බව හැඟී ගියහොත් සැණෙකින් එම ත්‍රිරෝද රථයේ විස්තර පොලිස් ස්ථානවලට ලබාගැනීමේ අරමුණින් මෙම නව අන්තර්ජාල යෙදවුම නිර්මාණය කර තිබේ.

Facebook Comments