free hit counter

සජිත් බටහිර තානාපතිවරුන්ගෙන් රටට සම්බාධක පනවන ලෙස ඉල්ලීමක් කළා ද ?

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බටහිර තානාපතිවරුන් සමඟ සාකච්ඡා කළේ, රටට ආර්ථික සම්බාධක පැනවීමට ද යන්න පිළිබඳ වහා රටට හෙළිකරන ලෙස දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා කියා සිටියි.

විපක්ෂ නායක කාර්යාලයට පසුගියදා හදිසියේ පැමිණි ඇමරිකාව, යුරෝපා සංගමය ප්‍රමුඛ බටහිර රටවල තානාපතිවරුන් හා විපක්ෂ නායකවරයා අතර පැවැති සාකච්ඡාව කුමක්ද යන්න පිළිබඳ මේ වන තෙක් විපක්ෂ නායක කාර්යාලය හෙළි කොට නොමැති බව සඳහන් කරන හේවාපතිරණ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස තානාපතිවරුන් සමඟ සාකච්ඡා කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට අයිතියක් ඇතත් එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ දැන ගැනීමට රටවැසියාට අයිතියක් ඇති බවට මතක් කර සිටින බවද ප්‍රකාශ කරයි.

Facebook Comments