free hit counter

ටෙස්ට් තරඟාවලියේ ජය ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 – 0 කින් ජය ලැබීමට අද (03) සමත් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 437 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 227 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද පෙරවරුවේ සමත් වූහ.

ශ්‍රී ලංකා පිල ලකුණු 209 කින් ජය ලැබීය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඉනිම දෙකේදී ලකුණු 178 කට කඩුළු 11 ක් දවාගැනිමින් ශ්‍රී ලංකා වාර්තාවවීමට සමත් විය

Facebook Comments