free hit counter

කොවිඩ් නිසා රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ අයට වන්දි – අයදුම් කරන්නේ මෙහෙමයි

කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ අයට සහන සැලසීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දියත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව සූදානම් බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාපවසනවා..

ඒ අනුව කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතුව සිටි ශ්‍රමිකයන් යළි සේවයේ පිහිටුවීමට හෝ සාධාරණ වන්දි මුදලක් ලබා දීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් පෞද්ගලික අංශයේ රැකියා අහිමි වූ 1,50,000 ක පමණ පිරිසක් ඒ සම්බන්ධයෙන් මේ වනවිට කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි ලෙස සහ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පැමිණිලි ලෙස යොමු කොට තිබෙන රැකියා අහිමි වීම් සම්බන්ධයෙන් මෙම සහනය ලබාදෙන බව ඔහු කියා සිටියේය.

Facebook Comments