free hit counter

හමුදාපතිට අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයා හඳුනා ගනී

අද (03) හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය පැවැත්වූ බවට සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ පුද්ගලයා හඳුනාගන තිබේ. බොහෝ ආණ්ඩු විරෝධීන් කිසිඳු සාධාරණ හේතුවකින් තොරව මෙම පුවත ප්‍රචාරය කර තිබු අතර ආණ්ඩුව විසින් ගෙනයන කොවිඩ් මර්ධන වැඩසටහන කඩාකප්පල් කර ආණ්ඩුව හා හමුදාපතිවරයා අපකීර්තියට පත් කිරීමේ අරමුණින් මෙම පුවත ප්‍රචාරය කර තිබු අතර මේ පිළිබඳ අදහස් දක්වමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ, මෙම පුවත පළ කළ වෙබ් අඩවිය ඉතා කුඩා සටහනක් තබමින් මේ වනවිට මෙය නිවැරදි කර ඇති අතර තමන් කිසි විටෙක මෙවැනි පටු පරමාර්ථ සහිතව කටයුතු කරන පුද්ගලයන් ගණන් නොගන්නා බවයි. ඒ වෙනුවට ජනතා වෙනුවෙන් හැකි උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන බව ඔහු පවසීය.

Facebook Comments