free hit counter

ආණ්ඩු විරෝධියාගේ ලිංගික සතුට

ආණ්ඩුවට විරුද්ධ අයගේ මතවාදයන් සමාජ මාධ්‍යජාලා තුළ නිතර නිතර දකින්නට ලැබේ. මේ අතරන් බොහෝ දෙනෙකු කිසිඳු පදනමකින් තොරව ආණ්ඩුවට විරෝධය පළකරන අතර ඕනෑම ආකාරක ආණ්ඩු විරෝධී පොස්ටු ශෙයා කරමින් තම ආශාව ඉටු කරගැනීමට පැකිලීමකින් තොරව කටයුතු කරයි.

තම පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් එදිනෙදා කටයුතු කරන අතිමහත් බහුතරයක් මහා සමාජශෝධක අරමුණකින් මෙන් ආණ්ඩුව විවේචනය කරයි. උදාහරණයක් ලෙස තම දරුවා ජනප්‍රිය පාසලකට ඇතුලත් කර ගැනීමට සියලු ආකාරයේ වංචනික ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයෙකු ආණ්ඩුවට එරෙහිවන්නේ කුමන පදනමකින්ද. ඔවුන්ට කිසිඳු පදනමක් නොමැති අතර සමාජය කෙරෙහි තම වෛරය ප්‍රකාශ කරගැනීමට හැකි එකම මාධ්‍ය ලෙස ආණ්ඩුවට එරෙහිව කතා කරමින් සිටින බව දකින්නට ලැබේ.

නමුත් යම් පිරිසක් පසුගිය ආණ්ඩුව හේතුවෙන් තමන්ට ලැබුණු වාසි අහිමිවීමේ වේදනාවන් ඒවා නැවත ලබා ගැනීමේ අරමුණින්ම ආණ්ඩුව විවේචනය කරන බව නොරහසකි. එවැනි පුද්ගලයන් සමාජ මාධ්‍ය තුළ පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය තුළ සටහන්ව ඇති බැවිණි.

බොහෝදෙනෙකුට මේ යුගයේ ප්‍රධාන අභියෝගයක් වන්නේ තම ලිංගික සතුට ලබාගන්නේ කෙසේද යනන්නයි. පහළ මධ්‍යම පන්තිය තවදුරටත් ලිංගික සතුට ශාරීරික නොවන බව සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය පැමිණීම සමග තහවුරු කරගන සිටී. ඒ අනුව ලිංගික සතුට ලබාගත හැකි පහසු ක්‍රමයක් ලෙස ආණ්ඩු විරෝධය බොහෝ දෙනෙකු යොදාගන්නා බව පෙනේ. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව පොස්ටුවක් ශෙයා කිරීම මගින් තම ලිංගික සතුට ලබා ගැනීමට බොහෝ දෙනෙකු පෙළඹී තිබේ. මන්ද එවැනි පොස්ටු වෙත ලයික්,ශෙයා, කොමෙන්ට් වැනි බොහෝ තවත් උද්දීපන ලැබෙන බැවිනි.

Facebook Comments