free hit counter

හෙද කාර්යය මණ්ඩලය මදි මේක දැන් පුපුරායන තත්වයකට ඇවිල්ලා – පුෂ්පා රම්‍යාණි ද සොයිසා

දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ හෙද කාර්ය මණ්ඩල හිඟවීම නිසා දැනට එම සේවයෙහි නියුතු හෙද හෙදියන්ට තුන් ගුණයක් වැඩකිරීමට සිදුව ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

හෙද කාර්ය මණ්ඩල මුහුණ පා සිටින ගැටළුවේ වත්මන් තත්වය පැහැදිලි කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සංවිධායක ( කොළඹ මහ රෝහල ) පුෂ්පා රම්‍යාණි ද සොයිසා මහත්මිය පැවසුවේ “අවම කාර්ය මණ්ඩලයක් නිසා අපේ හෙදියන්ට තුන් ගුණයක් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක හරිම අසාධාරණයි. මේ ඉල්ලීම සංගමයක් හැටියට දිගින් දිගටම අපි සටන් කරලා ඉල්ලුවා, නමුත් ඒක පිළිබඳව නිසි උත්තරයක් අපට තාම ලැබිලා නැහැ. නමුත් ඒක දැන් පුපුරායන තත්වයකට ඇවිල්ලා තියෙනවා” යනුවෙනි.

බව පැවසුවේ ඊයේ (03) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Facebook Comments