free hit counter

ඉදිරි දිනවල රෝගීන් 10,000 ක් පමණ වාර්තා වේවි – රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොරෝනා පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව විනයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක් ඇති බව රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.

කෙසේ වෙතත් වෛරය පාලනය කිරීමට රට තුළ තවමත් හැකියාව ඇති බවද පැවසූ ඇය ජනතාව ස්වයං විනයකින් තොරව කටයුතු කරන්නේ නම් ඉදිරි සතිය දෙක ඇතුළත එය ගිලිහී යනු ඇතැයිද කියා සිටියාය.

අත්‍යවශ්‍යම කරුණකට හැර නිවසෙන් බැහැරව නොයන්නැයි ද ඉල්ලා සිටි ඇය නිවසින් බැහැරට යන්නේ නම් අනිවාර්යෙන්ම මුව ආවරණ නිසි ලෙස පළදින ලෙසත්, දුරස්ථ භාවය රැක ගන්නා ලෙසත්, ජනතාව රැස්වන ස්ථානයන්ට නොයන ලෙසත් පැවසූ ඇය මෙවන් සරල ක්‍රියාමාර්ග මගින් වෛරස ආසාදනයෙන් වැළකී සිටිය හැකි යැයිද කියා සිටියාය.

Facebook Comments