free hit counter

කොවිඩ් ආසාදනය වන දරුවන් ගණන බලා සිටියදී ඉහළ යනවා – ළමා රෝහලේ අධ්‍යක්ෂක

කොවිඩ් වෛරසය ආසාදනය වන දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

එම නිසා දරුවන් නිවෙස් තුළම රඳවා ගන්නැයි ළමා රෝහලේ අධ්‍යක්ෂවරයාදෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ළමා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සතියකට 10දෙනකු පමණ කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා බවත් ඔහු පැවසීය.

මෙසේ හඳුනා ගන්නා දරුවන්ට ළමා රෝහල තුළ ප්‍රතිකාර ලබාදීම සඳහා දැඩිසත්කාර පහසුකම් සහිතව වෙනමම වාට්ටුවක් වෙන්කර තිබේ.

කෙසේ නමුත් රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට රැගෙන එන දරුවන් හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටවීමට කටයුතු කරන්නැයිද වෛද්‍ය විජේසූරිය දෙමාපියන්ට දැනුම් දෙයි.

Facebook Comments