free hit counter

කොවිඩ් 19-තුන්වන ලෝක යුද්ධයේ සළකුණ

කොරෝනා වෛරසය ලෝකය වෙලා ගනිද්දී ජාතිවාදී  වෛරසය ද ක්‍රමයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වනු දැකීම බරපතල ඛේදවාචකයකි.වර්ණ භේදය හෝ ජාති භේදය වර්තමාන සමාජයෙන් බොහෝ දුරට හීන  වී ගිය මොහොතක නැවත පැන  නැගීම කිසිදු  ආකාරයකින් අනුමත කල නොහැකි ය.එක්සත් රාජධානියේ චීන සම්භවයක් ඇති බොහෝ  පුරවැසියන් අද මුහුණ දී සිටින්නේ මේ ඛේදනීය ඉරණමට යි.
“උබ තමයි කොරෝනා වෛරසය කරුණාකරලා උඹේ  රටට පලයන්”
එක්සත් රාජධානියේ වෙසෙන චීන  සම්භවය ඇති  වෛද්‍ය පෙන් වැන්ග් කළකිරුණු සිතින් BBC වාර්තාකරු ඉදිරියේ තම බිඳුණු හඬ  අවදි  කළා.
“මම එළිමහනේ ඇවිදිමින් සිටියේ, එසේ කියූ ඔවුන් ගෙන් මා විමසුවා අයි එහෙම කියන්නේ කියා.ඔවුන් මට බිම පෙරළා පහර දුන්නා.”
“මම ඉපදුනේ මේ රටේ, මගේ පවුල් ජීවත් වෙන්නේ මේ රටේ, මම  මේ රටට ආදරෙයි.” පෙන් වැන්ග් කියා සිටියා.
ඔහු කියන අන්දමට “මගේ මුහුණේ පැල්ලම් වේදනාවන් මට විද ගන්න පුළුවන් එත් මගේ ආත්මය සුවපත් වෙන්නේ නෑ.”

චීන ජාතිකයන් බොහෝ දෙනෙක් මුහුණ දෙන මෙම තත්වය විග්‍රහ කර ගත හැක්කේ කොරෝනා යනු ආසියාවෙන් ලෝකය වෙත එවූ වෛරසයක් ලෙස මනස්ගත වී ඇති බවයි.එයට ප්‍රධාන වැරදිකරු වන්නේ එය චීන වෛරසයක් ලෙස හංවඩු ගැසූ ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.ඔහු ප්‍රකාශ කළේ එය චීනය විසින් නිර්මාණය  කළ “චීන වෛරසය” ලෙසයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ සාමාන්‍ය ජනතාව බොහොමයක් මෙය අනුගමනය කරන අතර නිරායාසයෙන් ම ඔවුන්ගේ වචන සහ මනස එම අදහසෙහි ම පැවතීම මෙවන් සිදුවීම් මාලාවක් ඇතිවීමට හේතුපාදක වී තිබෙනවා.මෙහි භයානක තත්වය නම් ආසියාතික ජාතින් බොහොමයක් මෙම තත්වය ට නතුවීම  යි.කොරියානු ජාතිකයන් සහ ඒ හා සමාන හැඩහුරුකම් ඇති බොහෝ ආසියාතිකයන් මෙම තත්වයට මුහුණ දීම මේ වන විට සුලභ තත්වයක් බවට පත් ව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය  තුළ  මෙයට විරුද්ධ ව විරෝධතා පුවරු රැගත් ආසියාතිකයන් වීදී වලට ප්‍රවිෂ්ට වීම තුළ එහි ඇති බරපතල තත්වය තවත් ත්‍රීව්‍ර වන බවක් දකින්නට තිබෙනවා.කොරෝනා වෛරසයේ බලපෑමේ තත්වය එන්න එන්නම වර්ධනය වීමත්,ඒ හා සමාන ව ජාතිය මුල් කරගත් වෙනස්කම් සහ මර්දනයන්ට ලක්විම  ප්‍රසාරණය වීමේ  අවසානය, ලෝකය නැවත බල කදවුරු වලට බෙදීම දක්වා දිගු වුවහොත් එය අප වැනි රටවල් වලට එතරම් සුබදායි වන්නේ නැහැ.
කෙසේ වෙතත් කුඩා දරුවන් මෙම ජාතිවාදී පීඩනයෙන් මානසිකව පිඩා විදීමත්,අනාගත ලෝකය නිර්මාණය වන්නේ නැවත ඔවුන්ගෙන් වීමත් තුළ ,අප බොහෝ  කල් අත්විදි ගෝත්‍රික බෙදීම් සහිත ලෝකය ඔවුන් ගේ මනස තුළද නිර්මාණය වීම වැළක්විය හැකි ද?
තුන්වන ලෝක යුද්ධයක් ගැන අප බොහෝ අවස්ථාවල කතා බහ කර තිබේ.න්‍යෂ්ටික අවි,නාවුක අභ්‍යාස,තෙල් ඒකාධිකාරය,යුද ශක්තිය වැනි බොහෝ දේ ඒ තුල අන්තර්ගත  වී  තිබුණි.එහෙත් මෙවැනි වෛරසයක් වැන්නකින් එය ආරම්භ වන බවක් ගැන  අප කිසිවෙකුත් කල්පනා කර තිබේද? මේ වනවිට ලෝකයේ මිලියන 153 ක් රෝගයට ගොදුරු වී අවසන්.මිලියන  3.2 ක් රෝගයෙන් මියගොස් අවසන්.ඒ වසර දෙකක් ඉක්මෙන්නටත්  මත්තෙන්.
ලෝකයේ  බොහෝ ආර්ථික ඇද වැටී  අවසන්.පුංචි ආර්ථික ඇති රටවල් අවසානයේ ලෝක බලවතුන් ගේ ගැත්තන් වී නතර වනු ඇත.තවත් වසරක 50 ක ලෝක දේශපාලනයේ  දිශානතිය කොරෝනා අවසන් වනවිට තීන්දු වනු ඇත.
එවිට ජාතිවාදය ,වර්ණවාදය සේම,රටවල් වල දේශ සිමා ද,අයිතිය ද වෙනස් වී තිබෙනු ඇත.නුතන යුද්ධය ආරම්භ වී ඇති බව මතක තබා ගත යුතුය.ගණන් බලා ඇති ආකාරයට දෙවන ලෝක යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් මිලියන 40 ක් මරණය ට පත් විය.මෙම වෛරසය තුරන් වනවිට අප කවුරුන් ජිවතුන් අතර සිටී ද’ යි  අපට තක්සේරු කල නොහැකි ය.
චීනය මෙයට  වග කිව යුතු නම් චීනය එයට දඩුවම් විදිය යුතුය.එහෙත් එයින් මියයන චීන වැසියන් ඇතුළු ලෝක වැසි මිනිසුන්ගේ ජිවිත ලෝක දේශපාලනේ අතකොලු වීම කෙතරම් හිරිකිතයකින් බැහැර කල යුත්තක් ද?
ලෝකයේ බොහෝ මිනිසුන් බල අරගලයේ ගොදුරු බවට පත් වී අවසන්ය.
අපේ රටේ පාස්කු බෝම්බය ද  එවැන්නකි. ලෝකය දියුණුවන්නේ ද, පිරිහෙන්නේද, මිනිසුන්ගේ ජිවිත මතිනි.මිනිසුන් ඝාතනය නොකොට ලෝකය ඉදිරියට නොයන බව එහි පරම සත්‍ය වී ඇත.
ඩෙන්මාර්කයේ,ස්විට්සර්ලන්තය ,නොර්වේ වැනි රටක ඉපදෙන්නට සැබවින්ම අප වාසනාවන්ත විය යුතුය.මිනිසුන්ට ගරු කරන, මනුෂ්‍යත්වය  සහ පරිසරය  ගැන පමණක් සිතමින් තීන්දු ගන්න ජන සමාජයක් හිමි කර ගැනීම තවදුරටත්  සිහිනයක්  වනු ඇත.ජාතිවාදය කොරෝනා වට වැඩ බරපතලය.කොරෝනා අවසානයේ ඉතිරිවන විෂබීජය දශක ගණනාවක් ජන මනස නසනු ඇත.එය තුන්වන ලෝක යුද්ධයේ තීරණාත්මක සාධකය ද වනු ඇත.

Facebook Comments