free hit counter

විනිසුරුට ලියුම් යවා අලි සබ්රි නා ගනියි

“නියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති” ගිනි අවි භාවිත කර මංකොල්ලයක් සිදු කිරීමේ වරද ට චෝදනා ලබමින් බලපිටිය මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමන්ට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා තම නීතීඥවරයා මගින් විනිසුරුවරයා වෙත ලිපියක් බාර  දී තිබෙනවා.
එම ලිපිය අධිකරණ ඇමති විසින් නිකුත් කළ එකක් වන අතර ලිපියෙන් ඉල්ලා ඇත්තේ යම් සහනයක් ලබාදීම පිළිබඳව වන අතර ,මේ පිළිබඳව විනිසුරුවරයා ඉතා තදින් විරුද්ධ  වී තිබෙනවා.

අධිකරණ අමත්‍යවරයා ට එවැනි බලයක් නොමැති බවත්,මෙවන් ලිපියක් ලැබේ දීමෙන් කුමන සහනයක්  බලාපොරොත්තු වන්නේ දැයි,විනිසුරුවරයා චුදිතයා ගෙන් ප්‍රශ්න කර සිටියා.
කෙසේ වෙතත් මෙම සිදුවීම අධිකරණ ක්ෂේත්‍රයේ දැඩි අප්‍රසාදයට ලක් වී ඇති අතර මෙවැනි මැදිහත් වීම් ඉදිරියේ විනිසුරුවරයා දැක වූ ප්‍රතිචාරයද පැසසුමට ලක් වී තිබෙනවා.අධිකරණයේ ස්වාධීනතාව ගැන මැසිවිලි නගන බොහෝ දෙනාගේ විමතියට කරුණක් වන්නේ නීතීඥවර යෙකු වන අධිකරණ ඇමතිගේ මෙම ක්‍රියාව කිසි සේත්ම අනුමත කළ නොහැකි වා මෙන් ම,එය හිරිකිත උපදවන එකක් බවයි

Facebook Comments