free hit counter

පාසල් ළමුන් අවුරුදු 17න්  කැම්පස්  යවන්න  රජය තීරණය කරයි

විශ්ව විද්‍යාලයට ඇතුල් වීමේදී වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රීලංකා සිසුන්ගේ වයස මට්ටම අවුරුදු 19-20 අතර පමණ වන බැවින් එය තවත් කඩිනම් කිරීමේ අපේක්ෂාවෙන් සංශෝධනය  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු  මාසයේ පැවැත්වීමෙන් අවුරුදු 01 මාස 9 ඇතුළත 10 හා 11 වසර අධ්‍යන කටයුතු අවසන් වන ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමටත් , ඉන්පසු අපොස උසස් පෙළ විභාගය දැනට පවතින ක්‍රමයට තිබෙන අගෝස්තු මාසයට පෙර එළබෙන ජනවාරි මාසය ට පෙර(දෙසැම්බර්මාසයේ)පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා.
මේ අනුව අවුරුදු  මස 8-11 අතර කාලයක් ඉතිරි වන බැවින් වයස අවුරුදු 17-18 වයසේ දී විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ අවස්ථාව සිසුන්ට උදා වෙනවා.මේ පිලිබන්දව කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව 2022 හෝ 2023 වර්ෂයේ සිට එය ක්‍රියාත්මක කරන බවත් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රබුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියා.
එසේම අ.පො ස.උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අනුව 301771 පෙනී සිටිමින්  194297 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙනවා.එය ප්‍රතිශතයක් ලෙස 64.39 % බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා  මහතා ප්‍රකශ කර සිටියා.ඒ අනුව පහත සිසුන් අදාල විෂය ධාරාවන් යටතේ දිවයිනේ ප්‍රත්මයන් බවට පත් වී තිබෙනවා.

ගණිතය විෂය ධාරාව-තනරාජ් සුන්දරබවන් -යාපනය චාවකච්චේරි හින්දු විද්‍යාලය
කලා  විෂය ධාරාව -චමල්කා  සෙව්මිණි -ප්රෙස්බෙටිරියන් බාලිකා විද්‍යාලය -දෙහිවල
වාණිජ්‍ය විෂය ධාරාව -අමන්දි මදනායක -ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
ජෛව පද්ධති තාක්ෂණ -සුසිකා සඳසරා -හොරණ තක්ෂිලා විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණ -අවිශ්ක චානුක -හොරණ තක්ෂිලා විද්‍යාලය

Facebook Comments