free hit counter

මාර පුත්තු

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැගීම සංකේතවත් කළේ ජනතාව සහ ශක්තිමත් පුද්ගලයින් අතර සම්මුතියයි.එය සරල ව කිවහොත් ජනතාවගේ ගැලවුම්කාරි නියෝජිතයා තෝරා ගැනීමයි.එය සම්මුතියක් බවට පත් වන්නේ බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල සිදුවන නිරන්තර අවනත වීම් වලින් ගොඩ නැගෙනා නායකත්වයන් බිහිවීම යි.

2019 දී නරේන්ද්‍ර මෝඩි නැවත මැතිවරණයක් ජයග්‍රහණය කළේය, ඝෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මැතිවරණය ද්විත්වයක් ජයග්‍රහණය කළ අතර බ්‍රිතාන්‍යයන් ද බොරිස් ජොන්සන් අගමැති බවට පත් කරන්නේ 1987 දී මාග්‍රට් තැචර් ගෙන් පසු කොන්සර්වටිව් පක්ෂය විශාල පරතරයක් සහිත ව ලැබූ ජයග්‍රහණයකින් වීම විශේෂත්වයක්. මෙම ප්‍රබලයන්ගේ නැගීම පැහැදිලි කරන්නේ කුමක් ද?

එයට පෙර,
යමෙකු රුසියාව මෙයට ගැළපීමට උත්සහ කරන්නේ නම් ප්‍රථමයෙන් ම එය බහිෂ්කරණය කල යුතුය.රුසියාවේ ව්ලැඩිමීර් පුටින් ,තුර්කියේ රිසෙප් ටයිප් එඩොර්ගන් එකම සමාන කාලයක් තිස්සේ එකී රටවල් වල බලයේ සිට ඇත. එසේ වෙතත්, රුසියාව සහ තුර්කිය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නොවේ. ඒවා ඇත්තේ ඒකාධිපති පාලනයකි – නැතහොත් නවීන කතිපයාධිකාරීන් ය.එබැවින් අප එකම තරාදියක මැන බලන්නේ එක ජාතියක භාණ්ඩ බව මතක තබා ගත යුතුය..
ට්‍රම්ප්, මෝඩි,ජොන්සන් සහ රාජපක්ෂ වැනි දේශපාලන ප්‍රපංචයන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය විසින් තල්ලු කරන්නේ ඇයි? මෙම ජයග්‍රහණ වල ඇති බහුතරවාදී හැඟීම කුමක්ද?

පළමු වැන්න නම් මධ්‍යම පන්තියේ දේශපාලනය යි.

1970 දශකයේ අග භාගයේ සිට සහ අසූව දශකයේ මුල් භාගයේ පටන් ලෝකයේ සිදු වූ විශාලතම වෙනස වන්නේ ගෝලීයකරණයේ නැගීමයි. බටහිර රටවල් නිෂ්පාදන හා සේවා යන දෙඅංශයේම චීනය සහ ගිනිකොණ දිග ආසියානු කලාපය වන හොංකොං, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ තායිවානය යන රටවලට තම භාණ්ඩ අලෙවි කළහ. අනූව දශකය වන විට ඉන්දියාව ද මෙම කණ්ඩායමට එක් විය. එය ආර්ථික විප්ලවයක් ඇති කළේය. ඇමරිකානු සහ යුරෝපීය සමාගම්වලට බටහිර වෙලඳපොලවල ඉහළ ශ්‍රම පිරිවැය ගැන කරදර වීමට අවශ්‍ය නොවීය, ඔවුන්ට ආසියාවේ අඩු මිල ශ්‍රමය ද ලැබෙමින් පැවතුණි.

ඒ වුවද කල් යත්ම , බටහිර ලෝකයේ මධ්‍යම පංතිය ව්‍යාපාරිකයන්ගේ දියුණුව දෙස බලමින් ම එක තැනක කේන්ද්‍රගත වූ අතර ඔවුන්ගේ වියදම් ඉහළ ගිය මුත් ජීවන තත්වයේ එක තැන පල් වීම දර ගන්නට නොහැකි විය. 1980 දශකයේ සිට එක්සත් ජනපදයේ මධ්‍ය පන්තියේ ආදායම එතරම් ඉහළ ගොස් නැත. මෙම නව ගෝලීයකරණයෙන් මධ්‍යම පංතියට සීතලෙන් මිදුණු බවක් දැනුණි.එහි ආවේගය සහ විරෝධය පිට කරන්නට ද විවිධ පුද්ගලයින් විසින් විවිධාකාරයෙන් මුදල් යොදවා ඇත.එය ද මේ ගෝලීය ආර්ථික ක්‍රමයේ ම රහසකි.එහි පැවැත්ම සනිටුහන් කරන්නේ ද එවැනි මැදිහත් වීම් මගිනි. සමහර විට එය පහත් මට්ටමේ ලතින් කම්කරුවන්ට හෝ ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට එරෙහිව හෝ මුස්ලිම් සංක්‍රමණිකයන්ට එරෙහිව කෝපය ප්‍රකාශ කිරීම මගින් මතු පිටට පැමිණේ.එය,බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ අභ්‍යන්තරය විදහා පෑමකි. එහි වර්තමානය චීන විරෝධය දක්වා ම ගමන් කරවා තිබේ.

ට්‍රම්ප් සහ ජොන්සන් වැනි අය මේ විරෝධය උසි ගන්වමින් ප්‍රයෝජන ගෙන තිබේ.මෝඩි සහ රාජපක්ෂ වැනි අය බොහෝ දුරට මුස්ලිම් සුළු ජාතීන්ට එරෙහි බහුතර කෝපයෙන් ප්‍රයෝජන ගෙන බහුතරවාදී හැඟීම් ඡන්දය තුළ තහවුරු කර ගත අයවලුන් බව පැහැදිලි ය.ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයන් ද ඉලක්ක වන්නේ එම අදහස වර්ධනය කිරීම උදෙසා ය.ඉන්දියාව තුල සිටින මිලියනපතියන්,බිලියනපතියන් මෙම ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන්නන් ය.ඔවුන් අදහස ප්‍රචාරණය වෙනුවෙන් අප කැප වී සිටිති.එවිට බහුතර ජන්දදායක මධ්‍යම පන්තිය තම තීන්දුව ලබා දීමට පසුබට නොවෙති.

මෙම ප්‍රබලයන්ගේ නැගීමට සමාජ මාධ්‍ය මගින් ද විශාල සහයක් ලැබී තිබේ. සාම්ප්‍රදායික මාධ්‍ය කෙරෙහි අවිශ්වාසයක් ඇති කරමින් ජනතාව පොළඹවා ගත හැකිය. එවිට ජනමාධ්‍ය රාජ්‍යයේ සතුරා බවට පත්වේ. ජනමාධ්‍යවේදීන් ප්‍රශ්න අසන විට, ඔවුන්ට හැකි නම්, ඔවුන් ද්‍රෝහීන් හා ජාති විරෝධී අය ලෙස හංවඩු ගසනු ලැබේ. කෙසේ වෙතත්, බොහෝ නායකයින්ට සමාජ මාධ්‍යවල ඒකීය මාර්ග සන්නිවේදනයක නිරත විය හැකි අතර ඔවුන්ගේ ම කාමරයේ දෝංකාරය ජනතාව වෙත නිකුත් කළ හැකිය.එසේම සමහර ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය නාලිකා හසුරුවන්නේ ද එකී ව්‍යාපාර පැලැන්තිය විසින්ම ය.

දෙවැනි හේතුව නම්,ඔවුන්ගේ වීරත්වය යි.

ඔවුන් සියල්ලෝම – බොරිස් ජොන්සන්, ඩොනල්ඩ් ට්‍රම්ප් ,නරේන්ද්‍ර මෝඩි සහ ඝෝඨාභය ක්‍රියාකාරී මිනිසුන් ලෙස තේරී පත් වූහ.ඔවුන් තමන් ගැන අදහසක් ඡන්දදායකයින්ට විකුණුවේ පැකේජ ලෙසය. බොරිස්ට එය “get Brexit done” විය. ට්‍රම්ප් Make America Great Again ලෙසිනි. Makes It Possible ඉන්දියාවේ මෝඩි ගේ පාඨය විය. ඝෝඨාභය “වැඩ කරන අපේ විරුවා”විය.”සාර්ථක දැක්මක් වැඩ කරණ රටක් “ඔහුට ගැළපෙන පාඨයන් විය.එසේම වර්තමාන ආණ්ඩුවේ ඇමතිකම් උසුලන කීප දෙනෙක්ම වියත් මඟ නිර්මාණය කරමින් ඔහුගේ “උගත් ප්‍රතිරූපය “නිර්මාණය කරන ලදී.සමාජ මාධ්‍ය ‘පාස්කු ප්‍රහාරය” ඔස්සේ ජාතිවාදය සමාජගත කළ අතර “එක් රටක්- එක නීතියක්” ස්ථාපිත කිරීමේ පොරොන්දුව ද ජනතාවට තදින්ම කා වැදුණු පාඨයන් අතර විය.

ඔවුන්ට ඡන්දය දෙන ජනතාව සිතන්නේ , මේ අය තමයි අවසාන අර්බුද කළමනාකරුවන්. ලෝකය සිදුවන නරකම දෙයින් වුවත්,තම ජනතාව ආරක්ෂා කර ගත හැකි, බුද්ධිමත් ව ගැටලු විසඳන්නන් වන්නේ ඔවුන්ම යි. ඒ වෙනුවෙන් ඔවුන්ට අපගේ ඡන්ද ලබා දීමටත්, අපගේ ජීවිත ඔවුන්ගේ දෑත් මත තබමින් සතුටු වන්නටත් අපි පසුබට නොවෙමු.ජනතාව සිතන්නේ එලෙස ය.

ඔවුන්ගේ සැබෑ තත්වය තවත් ජනතාව නොදකයි.කෝවිඩ් -19 සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කිසිවක් නොමැතිව ද තම ජනප්‍රියත්වය ඉහළ නැංව ගන්නේ කෙසේද?ට්‍රම්ප් හිතුවක්කාර වෙයි.මුව ආවරණ නොපළදි යි.ආර්ථිකය ගන කියමින් රට වසා නොදමයි.අවසානයේ ඔහුට වෛරසය ආසාදනය වෙයි.ඔහු නැවත වීරයා වෙයි.ජනතාවට ඔහු පාඩම කියා දෙයි.ජනතාව නිවෙසට වී සිටින්නට වග බලා ගනී.බොරිස් ජොන්සන් ද එසේමය.ඔහු ද වෛරසය ආසාදනය කර ගනී.ජනතාවට වීරයා වූ පසු ජනතාව නිහඬ වෙයි.

මෝඩි දුවන්නේ මිත්‍යාව මතිනි.දොරකඩ ට වී භාජන සදා බලා සිටින්නට කියයි.ග්‍රහලෝක මරුවන විට රෝගය පහව යයි.එහෙත් ඔහුගේ සතිපතා ගුවන්විදුලි වැඩසටහනින් ජනතාවගෙන් සමාව ඉල්ලයි.එහෙත් වෛරසයට වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු කියයි.ජනතාව එයට ද කැමති ය.

ඝෝඨාභය ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.ඔහු විටක සැර කරයි.විනය ගැන කතා කරයි.ඇමතිවරයා එකක කියද්දී ඔහු වෙන කතාවක් කියයි.එය ජනතා හිතවාදි ය.කැලය කපනවාට ඔහු විරුද්ධ ය. එත් කැලය කැපෙයි.එන්නත ජනතාවට දිය යුතු බව කියයි.එත් එන්නත නොමැතිය.ඒ වෙනුවෙන් ඔහු ම ඉන්දියාවට කතා කරයි.ඔහු රටට ආදරෙයි.මිනිසුන් ඔහුට කැමතිය.

ප්‍රංශයේ, ,එමානුවෙල් මැක්‍රොන් අර්බුදය සම්බන්ධයෙන් තම අධිකාරිය තහවුරු කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ නමුත්, ඔහු දැඩි වී අගුලු දැමීමට නියෝග කළ විට, ඔහුට මාසයක් තුළදී ඔහුගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහළ ගියේය. දැඩි, තීරණාත්මක ක්‍රියාවෙන් එහි විපාකය නිර්භීත නායකයෙකුට ලැබීම වළක්වනු නොහැකි ය.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද වසංගතයක් වැනි ගෝලීය ප්‍රශ්නයක් ජන්ද සංඛ්‍යා ලේඛන වලට ප්‍රබල බලපෑම් ඇති කළ හැකි වුව ද ඉහත ප්‍රධාන කරුණු ද්විත්වය හේතුවෙන් වර්තමනයේ බිහිවන ජන මනස මෙහෙයවන ව්‍යාජ නායකයින්ගේ ආගමනය නැවැත්විය නොහකිය. අවසානයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා පරාජය වී ගෙදර යන්නට ද බෑ කියයි.එය අනුමත කරන්නට ජන මතයක් ද ඔහුට තිබේ.ශ්‍රී ලංකාවේ එය සිදුවුවද එය ද පුදුමයට කරුණක් නොවනු ඇත.ඒ,ඔබට ඔබව අයිති නැති නිසාවෙනි.

Facebook Comments