free hit counter

රට තුළ පැතිර ඇති එංගලන්ත වෛරසය පරදවමින් ඉන්දියානු වෛරසයෙන් අලුත් අවධානමක්

ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා ප්‍රභේදය මෙරටේ ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද ඔහු කියා සිටිනවා.

මෙරට ධීවර ප්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධවීම හේතුවෙන් මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවයි ඔහු කියා සිටින්නේ.

කොවිඞ් වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමග එම වෛරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානම ද මතුව ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් බව ද වෛද්‍යවරයා පවසයි.

ඒ අනුව, ඉන්දියාවේ පැතිර යන මේ නව වෛරස් ප්‍රභේදය මෙරට ධීවර ප්‍රජාව මගින් අපේ රට තුළට පැමිණීමට ඇති අවධානම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සදහන් කියයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

Facebook Comments