free hit counter

කොරෝනා මරණ ගණන ගැන බරපතළ සැකයක් – බිමල් රත්නායක

බිම් මට්ටමේ දත්ත අනුව කොරෝනා මරණ ප්‍රමාණය පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසනවා.

PCR පරීක්‍ෂණවලින් වාර්තා වන ප්‍රමාණය “ඊයේ” යැයි නිවේදනවල වාර්තා වුවද එහි ඇත්තේ දින තුනකට පෙර ආසාදිතයන් බවත් මෙම වෛරසය ව්‍යාප්ත වීමට පටන්ගෙන මාස 15කට පසුවද පෙර දින තත්ත්වය නිසි ලෙස කීමට නොහැකි වීමෙන් ආණ්ඩුවේ කළමනාකරණය පිළිබඳ බරපතළ ගැටලුවක් පැන නඟින බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

තමන්ගේ අන්ත අරාජික දේශපාලන තීන්දු වසාගැනීම සඳහා ආණ්ඩුව PCR පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යන බවත් මේ තත්ත්වය තුළ මරණ ප්‍රමාණය වැඩිවීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Facebook Comments