free hit counter

ග්‍රීන්ලන්ත ආදිවාසින්

ග්‍රීන්ලන්ත ඉනුට් යනු ග්‍රීන්ලන්තයේ ආදිවාසීන්ය. රටක වැඩිම ප්‍රතිශතයකින් ජීවත්වන ආදිවාසි ජනකණ්ඩායම ග්‍රීන්ලන්ත ආදිවාසින් වේ. 60000 ක් පමණ වන වන ග්‍රීන්ලන්ත ජනගහනයෙන් දළ වශයෙන් 89% ක්ම ග්‍රීන්ලන්ත ඉනූට් නොහොත් ආදිවාසින්ය . බොහෝ දෙනා ග්‍රීන්ලැන්ඩික් භාෂා කතා කරන අතර ඔවුන් වාර්ගිකව ග්‍රීන්ලන්ත ලෙස සලකති. ග්‍රීන්ලන්තයේ වෙසෙන අනෙකුත් ජනතාව ඩෙන්මාර්කයේ පුරවැසියන් ය.

ජනවාර්ගික වශයෙන් ග්‍රීන්ලන්ත ආදිවාසින් ප්‍රධාන කණ්ඩායම් තුනකින් සමන්විත වේ:

බටහිර ග්‍රීන්ලන්තයේ වැසියන් කලාලිට් ලෙස හඳුන්වන අතර ඔවුන් කලාලිසුට් භාෂාව කතා කරයි.

උතුරු ග්‍රීන්ලන්ත වැසියන් හඳුන්වන්නේ ඇවනර්සුආර්මියට් හෝ ඉන්ගුයිට් ලෙස වන අතර ඔවුන් ඉනුක්ටුන් බස හසුරවයි.

නැගෙනහිර ග්‍රීන්ලන්ත වැසියන් ටුනුමයිට් ලෙස හඳුන්වයි ඔවුනග භාශාව ටුනූමිට් ඔරාසියාට් වේ.

අද බොහෝ ග්‍රීන්ලන්ත වැසියන් කලාලිසුට් සහ ඩෙන්මාර්ක භාෂාව කතා කරන අය වේ. ග්‍රීන්ලන්ත ජාතිකයින්ගෙන් බහුතරයක් වාසය කරන්නේ ග්‍රීන්ලන්තයේ හෝ ඩෙන්මාර්කයේ ය. සුළුතරයක් වෙනත් රටවල ද වෙසෙති, ඒ වැඩි වශයෙන් ස්කැන්ඩිනේවියාවේ සහ උතුරු ඇමරිකාවේ ලෙසය . සමහර ග්‍රීන්ලන්ත වැසියන් බහු වාර්ගිකයන් වන අතර ඒ, බොහෝ දුරට ඩෙන්මාර්ක ජනපදිකයන් සහ අනෙකුත් යුරෝපීයයන් ඉනූට් පවුල් සමඟ විවාහ වීම නිසා ය.

ග්‍රීන්ලන්ත ආදිවාසින් පැවත එන්නේ තුලේ ජනයාගෙනි. තුලේ ජනයා යනු සියලු ඉනුට් ජාතීන්ගේ පූර්වජයන්ය. ඔවුන් ක්‍රිස්තු වර්ෂ 1000 දී පමණ ඇලස්කාවේ වෙරළබඩ කලාපයේ සිට ව්‍යාප්තිය ඇරඹු අතර කැනඩාව හරහා නැගෙනහිර දෙසට ව්‍යාප්ත වී ක්‍රි.ව. 1200 ත් 1400 ත් අතර කාලයේදී ග්‍රීන්ලන්තය පදිංචි වූ බව සැලකේ.

කලාලිසුට් යනු ග්‍රීන්ලන්තයේ නිල භාෂාවයි. එය ග්‍රීන්ලන්ත භාෂාවේ බටහිර ප්‍රභේදය වන අතර එය එස්කිමෝ-ඇලූට් පවුල තුළ ඇති ඉනූට් භාෂාවකි.කලාලිසුට් පාසල්වල උගන්වනු ලබන අතර ග්‍රීන්ලන්ත මාධ්‍යවල බහුලව භාවිතා වේ.

ක්‍රි.පූ. 2500 ත් 2000 ත් අතර කාලයකදී කැනේඩියානු දූපතක් වන එලෙස්මියර් සිට ග්‍රීන්ලන්තයට පැමිණි පළමු ජන කොටස් ග්‍රීන්ලන්තයේ ජනාවාස පිහිටවූහ. මොවුන් ග්‍රීන්ලන්ත ඉනුට් හෙවත් ආදිවාසීන්ට සම්බන්ද ජනකොටසක් නොවූ අතර ඉන් පසුව විවිද එස්කිමෝ ජන කණ්ඩායම් ග්‍රීන්ලන්ත්යේ පදිංචි වූ නමුත් ස්ථීරව ජනාවාස බිහිකර ගත්තේ ග්‍රීන්ලන්ත ඉනුට්වරුන් පමණි.ස්කැන්ඩිනේවියානුවන් 16 සහ 17 වන සියවස් වලදී ග්රීන්ලන්තයට නිතර පැමිණි නමුත් ජනාවාස පිහිටවීම සිදු නොකළහ. 1814 දී නැපෝලියන් යුද සමයේ ඇති වූ කීල් ගිවිසුම මගින් ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට ප්‍රදානය කරන ලදී.

ග්‍රීන්ලන්ත ඉනූට් හි ජනගහනය වසර ගණනාවක් තිස්සේ උච්චාවචනය විය. වසූරිය පැතිරීම 18 වන සියවසේදී ජනගහනය 8,000 සිට 6,000 දක්වා අඩු කළේය. ජනගහනය 1900 දී දෙගුණයක් වූ අතර 1883 සිට 1919 දක්වා සෑම වසරකම පුද්ගලයින් 100 ක් පමණ ක්‍රමයෙන් ඉහළ ගියේය. ක්ෂය රෝගය ජනගහනයේ අඩුවීමක් ඇති කළ නමුත් 1980 දී ජනගහනය 41,000 දක්වා ළඟා විය.

Facebook Comments