free hit counter

ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර සැඟව ගිය ලෝකය

ශීත ඍතුවේ අහස ස්කොට්ලන්තයේ බටහිර වෙරළ තිරයේදී මෙන් මනරම්ව කොතැනකදීවත් දැකගත නොහැක.එස්ක් ගඟේ විවෘත මෝය දිගේ බැලූ විට, පහළින් ඇති වලාකුළු අතරින් පෙරී එන මලානික කහ හිරු එළිය, කැඩපතක් වැනි ජල ධාරාවන්ගේ පිළිබිඹු වේ.සොල්වේ ෆර්ත් දක්වා බටහිර දෙසට ගං ඉවුර දෙපස විහිදී යන කෙත්බිම්ය. පහත්බිම් වෙරළ තීරය අයර්ලන්ත මුහුදට ළඟා වන තෙක් පුළුල් වන අතර ස්කොට්ලන්තයේ ඩම්ෆ්‍රයිස් සහ ගැලෝවේ සහ උතුරු එංගලන්තයේ කුම්බ්‍රියා අතර භූමියේ ස්වාභාවික බෙදීමක් ඇති කරයි.

ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර දේශ සීමාවේ නිරිතදිග කෙළවර බැලු විට පෙනෙන සන්සුන්, සාමකාමී අපුර්ව ග්‍රාමීය භූ දර්ශනය වරෙක බ්‍රිතාන්‍යයේ වඩාත්ම නීති විරෝධී, ලේ වැගිරීම් පිරුණු භූමියක් ලෙස සිතීමද අපහසුය. මෙම ප්‍රදේශය හඳුන්වන්නේ Debatable Lands යනුවෙනි.

එක්සත් රාජධානියේ සංචාරකයන්ගේ අඩුවෙන් අවදානයට ලක්ව ඇති Debatable Lands ප්‍රදේශය Border Reivers නමින් හැඳින්වූ වැඩවසම් ස්කොට්ලන්ත හා එංගලන්ත දිශා සීමාවේ මංකොල්ල කෑ කණ්ඩායම් වල ක්ෂේම භූමියක්ව පැවතිණි. වේගයෙන් ගලාබසින ගංගාවේ, වනාන්තර නිම්නයන් අතර සැඟව ගිය Border Reivers කණ්ඩායමේ ඉතිහාසයේ සුන්බුන් මේ ප්‍රදේශය පුරා රැඳී පවතී.

මෙය ඉතා මනරම් කතාවකි, මහා බ්‍රිතාන්‍යයට අත්පත් කර ගැනීමට නොහැකි වූ අවසානභුමිය මෙය වූ බවට විශ්වාස කෙරේ. 13 සිට 16 වන සියවස දක්වා, කලාපයේ ඉඩම් කොල්ල කෑම සිදු වූ අතර නිමක් නැති රුධිරය වැගිරුණි. ස්කොට්ලන්තයට හෝ එංගලන්තයට පාලනය කිරීමට නොහැකි වූ නිසාම නිදහස් භූමියක් නොවුනද අරාජික, දරුණු, නීති රහිත ප්‍රදේශයක් ලෙස Debatable Lands හැදින්විණි.

ස්කොට්ලන්තයේ හා එංගලන්තයේ පාර්ලිමේන්තුවල 16 වන සියවසේදී මෙම ප්‍රදේශය පිළිබඳ සංවාද ඇතිවූ අතර වසර 300 ක් පමණ කාලයක් පුරාවටම රටවල් දෙකෙහි මිනිසුන් මෙම ප්‍රදේශයේ මරා දැමීම , දේපළ විනාශ කිරීම, ගිනි තැබීම, සොරකම් කිරීමට නියෝග මගින් අවසර ලබා දී තිබුණි.

මෙම ප්‍රදේශය අයිති කාටද යන්න හෝ එය බෙදී ඇත්තේ කෙසේද යන්න පිළිබඳවරටවල් දෙකටම එකඟ විය නොහැකි බැවින් හා මෙම ප්‍රදේශය එතරම් වැදගත් නොවූ බැවින් රටවල් දෙකම මෙම ප්‍රදේශය පිළිබඳ කිසිඳු වගකීමක් ගැනීමට මැලිවූ බව පෙනේ.

ස්කොට්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ පුනරුදය හා මුල් නූතන ඉතිහාසය පිළිබඳ ප්‍රධාන භාරකරු ආචාර්ය ඇනා ග්‍රවුන්ඩ්වෝටර් පවසන පරිදි “එය වටිනා ඉඩම් කැබැල්ලක් නොවීමත් , උස් බිම් හා ගොවිතැන් කිරීමේ හැකියාවක් නොවීමත් නිසා ඒ වෙනුවෙන් සටන් ඇති නොවූ බවයි..

ස්කොට්ලන්තය සහ එංගලන්තය අතරදේශ සීමා රේඛාව 1237 දී යෝක් ගිවිසුම මගින් ස්ථාපිත ස්ථාපිත කරන ලද අතර බොහෝ විට Debatable Lands යුරෝපයේ පැරණිතම ජාතික මායිම වේ. එහෙත්, එහෙත් එය එකට පිහිටි භූමියක් බෙදමින් රේඛාවක් ඇඳීම වැනි දෙයක් වූ අතර දේශ සීමාව රාජ්‍ය නායකත්වයෙන් යුත් අධිකාරිය සංකේතවත් කළේය. ඒ අනුව මෙම ප්‍රදේශය ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ බලවත් පවුල් එකිනෙකා කොල්ල කා ගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ තිබු අනීතික බව නිසාම එය මහා බ්‍ර්තාන්‍යට අයත් හතරවන රට ලෙස ද සැලකිණි.

Facebook Comments