free hit counter

ලන්ඩන්, ටෝකියෝ, මෙල්බර්න් සහ හොංකොං වලට ශ්‍රී ලංකන් ගුවන් ගමන් අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ, මෙල්බර්න් සහ හොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පැවසීය .

මෙම නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති මගීන් එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මතපදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතු ය.

මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන මගීන් ප්‍රවේශ පත්‍රමිලදී ගැනීමට පෙර ඔවුන්ගේ අදාළ දේශසීමා පාලන අධිකාරීන් , ආගමන සහ විගමන බලධාරීන් හෝ ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් අමතා පරීක්ෂා කර බැලීම සිදුකරන මෙන්එම සමාගම ගුවන් මගීන් ගෙන් ඉල්ලා සිටී.

Facebook Comments