free hit counter

සමාජය අසනීපයෙන්, ඇය සුවපත් කරන්නේ කෙසේද ?

Alain Badiou ගේ De samenleving is ziek. Hoe wordt zij beter? ලිපිය සරළ සිංහල බසින්

නූතනත්වය ඍණාත්මක යතාර්තයකි. එය ප්‍රධාන වශයෙන්ම සම්ප්‍රධායෙන් බිඳී යාමකි . එය පැරණි ලෝකයේ පැවති කුළ ක්‍රමය,වංශවත්කම, ආගමික බැදීම්,තරුණ මල්වර චාරිත්‍රයන්,දේශීය මිත්‍යා කතා, ස්ත්‍රීන්ගේ යටහත්පහත්කම්,දරුවන් කෙරෙහි පියවරුන්ට තිබු අසීමිත බලය මෙන්ම වැඩකරන මහජතාව හා කුඩා කල්ලියක් වූ පාලකයන් අතර පැවති නිළ බෙදීම් රේඛාවේ අවසානය සටහන් කරන ලදී.

කිසිවකට මේ වර්ධනය නැවතිය නොහැක. මෙම ව්‍යාපාරය බටහිර ආරම්භ වුයේ පුනරුදයත් සමගිනි, 18 වන සියවසේ ප්‍රබුද්ධත්ව ව්‍යාපාරයත් එය සමග ඒකාබද්ධ විය. නිෂ්පාදන ක්‍රමවේදයන්හි පෙර නොවූ විරූ දියුණුවක් සහ ගණනය කිරීමේ ක්‍රමවල පරිපූර්ණත්වයේ වර්ධනයත් , ප්‍රවාහනය හා සන්නිවේදනයත් නූතනත්වය තව තවත් වර්ධනය කළේය.

වඩාත්ම කැපී පෙනෙන කාරණය වුයේ මෙම සම්ප්‍රධාය බිඳීම මගින් , සහස්‍ර ගණනාවක් පැරණි සංවිධානාත්මක ස්වරූපයන්, මානව වර්ගයා අතරට පැමිණි කෝපයට පත් සුළි සුළඟක් මෙන් ක්‍රියාකර සියවස් තුනක් තුළ අතුගා දැමීමයි. මෙය අපගේ ආත්මීයත්වයේ අර්බුදයක් නිර්මාණය කළේය, එයට හේතු සහ වපසරිය පැහැදිලිව දැකගත හැකිවිය. වඩාත්ම කැපී පෙනෙන එකක් නම්, විශේෂයෙන් තරුණ ප්‍රජාවට මෙම නව ලෝකයේ ස්ථානයක් දිනාගැනීම සඳහා දිනපතා වර්ධනය වන අසීරු උත්සාහයක නිරත වීමට සිදුවීමයි.

නියම අර්බුධය මෙයයි. සමහරවිට මිනිසුන් සිතන්නේ මෙය මූල්‍ය ධනවාදයේ අර්බුදයක් ලෙසයි.ඇත්තෙන්ම නැත ධනවාදය ලොවපුරා සමෘධිමත් වෙමින් වර්ධනය වේ.අර්බුද, යුද්ධ, ඒ වර්ධනයේ ගති ලක්ෂණයන්ය . සියල්ලට පසුව අර්බුධ හා යුද්ධ ජයග්‍රාහකයන්ට ප්‍රාග්ධනය තමන් සතු කර ගැනීමට ඇති රුදුරු හා අත්‍යවශ්‍ය ක්‍රියාවලින්ය. ප්‍රාග්ධන සංකේන්ද්‍රගත දෘෂ්ටි කෝණයෙන් බැලු විට මෙතන අප බොහෝ සෙයින් වාස්තවිකය, පවතින ප්‍රාග්ධනයෙන් 86% ක හිමිකාරිත්වය ඇත්තේ 10% ක පිරිසකටය (එයිනුත් 46%ක හිමිකාරිත්වය ඇත්තේ 1% පිරිසකටය). 40% පිරිසකට ප්‍රාග්ධනයෙන් 14% හිමිකමක් පවතී. 50% ක පිරිසකට කිසිවක්ම හිමි නැත. ඇත්තෙන්ම සියල්ලම හිමි 10% ක පිරිසට කිසිවක් අහිමි පිරිසගේ තත්ත්වයට පත්වීමට ඇති කැමැත්ත අපිට වැටහේ. 14% ක ප්‍රාග්ධන හිමිකම ඇති 40%ක ජනගහනය තමන් සතුව ඇති දෙයට දැවෙන ආශාවකින් ඇලී ගැලී සිටිති. ඒ නිසාම ඔවුන් ගණනය කළ නොහැකි මර්ධනකාරී පියවරයන්ට සහය දෙමින් සිටී.(වර්ගවාදය හා ජාතිකවාදය මෙහි කාර්යභාරයක් ඉටු කරමින් සිටී.) ඒ අනුව ඔවුන් 50% ක් පමණ වන තම දේපළ අල්ලා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින දුප්පතුන්ගේ තර්ජනයට එරෙහිව ආරක්ෂක පවුරු නිර්මාණය කරගනිමින් සිටී.

මේ සියල්ල අපට උගන්වමින් සිටින්නේ 2011 ඇති වූ Occupy Wallstreet උද්ඝෝෂණ ව්‍යාපාරයේ සටන් පාඨය වූ “අපි 99% කි” යන්නට මිනිසුන් එක්සත් කිරීමේ හැකියාව තිබුණද, එහි අර්ථය සම්පූර්නයෙන්ම හිස් බවයි. සත්‍ය නම් අප බටහිර මිනිසුන් ලෙස හඳුන්වන්නේ ගෝලීය ධනවාදයට ගෝලීයව සහය දක්වන මිනිසුන් පිරිසට වීමයි.මෙය සුප්‍රසිද්ධ මධ්‍යම පංතියට අදාළ වන අතර එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේම භූමිය නොනැසී පැවතීමට ඉඩක් නැත.

ඇත්තවශයෙන්ම occupy Wall Street ව්‍යාපාරයේ තරුණ නිර්භීත මිනිසුන් නියෝජනය කරන්නේ අතලොස්සක මිනිස් කණ්ඩායමකි. ඔවුන් 99% පිරිසගෙන් බොහෝ දුරස්ථය. (අවම වශයෙන් සංකේතාත්මකව හෝ 99% ගැන කතා නොකරයි). occupy Wall Street ව්‍යාපාරයේ තරුණ නිර්භීත මිනිසුන්ගේ දෛවය වන්නේ එම ව්‍යාපාරයේ සැණකෙළිය අවසන් වූ වහා අතුරුදහන් වීමයි. එසේ නොවිය හැක්කේ කිසිවක්ම අහිමි 50 % ක පිරිස හා ප්‍රාග්ධනයෙන් 14% ක හිමිකම ඇති ජනගහනයෙන් 40% පිරිස අතර දේශපාලන විකර්ණයක් නිර්මාණය කරමින් දිගුකාලීනව පවතින සම්බන්ධතාවයක් නිර්මාණය කිරීම මගින් පමණි. (විශේෂයෙන්ම බුද්ධිමතුන් ඇතුළත්ව).

මෙම දේශපාලන මාර්ගය අනුමත කළ හැකිය, 60,70 දශකයන් වල මාවෝවාදය යටතේ මෙය උත්සහ කළ අතර අරාබි වසන්තයත් සමග 2011 දී ටියුනීසියාවේ හා කයිරෝ වල ද 2014-15 කාලයේදී ඕක්ලන්ඩ් වල වරාය සේවකයන් සම්බන්ද කරගනිමින් මෙය උත්සහ කරන ලදී. සියල්ලම රඳා පවතින්නේ මෙම සංධානයේ අවසාන නැවත උත්පතියක් සමග එහි ජාත්‍යන්තර දේශපාලන සංවිධානයක නිර්මාණයක් මගිණි.

කෙසේ වෙතත්, වර්තමාන තත්ත්වය තුළ එවැනි ව්‍යාපාරයක පරමාර්ථය හා තත්වයක අතිශය දුර්වල අතර ,ගෝලීයකරණය වූ ධනවාදය විසින් ව්‍යුහගත කරන ලද ලෝකයක සිදුවන සම්ප්‍රදාය බිඳවැටීම මැනිය හැකි ප්‍රතිවිපාකය විය හැක්කේ අප දැනටමත් කතා කර ඇති දේ පමණි. කියන්නට ඇත්තේ, බටහිරකරණය වූ මධ්‍යම පන්තිය ට මෙන්ම ඉතා අසීරුවෙන් දිවි ගෙවන බහුතර ජනතාවක් මත කුඩා කල්ලියක් තම ඒකාධිපති නීති පනවා ඇති බවයි.

නමුත් සමාජ හා ආත්මීය මට්ටමින් කුමක් සිදුවේද? 1848 දී මාක්ස් මේ පිළිබඳව තියුණු විස්තරයක් ලබා දුන්නේ, එය ඔහුගේ කාලයට වඩා දැන් අසීමිත ලෙස නිවැරදිය. මෙතරම් කාලයකට පසුවත් ඇදහිය නොහැකි තරම් වර්තමානයේ පවතින පේළි කිහිපයක් උපුටා දක්වමු.

කොහේ සිට එය පාලනය කිරීමට පැමිණියද, ධනේශ්වරය වැඩවසම්, පීතෘමූලික හා මුග්ධ සබඳතා සියල්ලම අවසන් කර ඇත. …

ධනේශ්වරය ආගමික ආස්වාදයේ පරිශුද්ධ වෙව්ලීම්, සුලු ධනේශ්වරයන්ගේ අවංක උනන්දුව හා මනෝභාවයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම් නමැති අයිස් ජලයේ ගිල්වා දමන ලදී , එය පුද්ගලික වටිනාකම සරල හුවමාරු වටිනාකමක් බවට පත් කර ඇත. […] මෙතෙක් ගෞරවනීය ලෙස සලකනු ලැබූ වෛද්‍යවරයා, නීතිඥයා, පූජකවරයා, කවියා, විද්‍යඥයා, ධනේශ්වරය විසින් වැටුප් සහිත කම්කරුවන් බවට පත් කර ඇත.

මෙහි මාක්ස් සම්ප්‍රදායෙන් බිඳී යාම විස්තර කරයි – මෙම බිඳීයාම ධනේශ්වරයන් මත , ධනවාදී ස්වරූපයක් ගනී නම් – සැබවින්ම මානව වර්ගයාගේ සංකේතාත්මක සංවිධානය දැවැන්ත අර්බුදයකට විවෘත වනු ඇත.

සහස්‍ර ගණනාවක් තිස්සේ, මිනිස් ජීවිතයට ආවේනික වූ වෙනස්කම් ඇත්ත වශයෙන්ම නියාමනය කර ඇති අතර ඒවා ධූරාවලි ස්වරූපයෙන් සංකේතවත් කර ඇත. තරුණ හා මහලු, පුරුෂයා සහ ස්ත්‍රිය, මගේ පවුල ඇතුළත හා පිටත, දුප්පත් හා බලවත්, මගේ වෙළඳාම සහ වෙනත් අය, විදේශිකයන් සහ රටවැසියන්, මිථ්‍යාදෘෂ්ටිකයන් සහ විශ්වාසවන්තයින්, පුරවැසියන් හා වංශවත් අය, නගර සහ ගම්, දෑතින් හෝ ඔවුන්ගේ මොළයෙන් වැඩ කරන අය, සියල්ලන්ටම (භාෂාවෙන්, මිථ්‍යා කථාවෙන් , දෘෂ්ටිවාදයෙන් සහ ස්ථාපිත ආගමික ආකෘතීන්ගෙන් ) සලකනු ලැබුවේ සැමට තැනක් ලබා දෙන විධිමත් ව්‍යුහයන් භාවිතා කර එකින්එක මත ක්‍රියාත්මක වන වන ධූරාවලි පද්ධතියකිනි.

එබැවින් වංශවත් භාර්යාවක් තම ස්වාමිපුරුෂයාට වඩා පහත් නමුත් පුරවැසියෙකුට වඩා උසස් ය. ධනවත් ධනේශ්වරයෙකුට ආදිපාදවරයකුට හිස නමන්නට සිදු වූ නමුත් ඔහුගේ සේවකයන්ට ඔහුට හිස නමන්නට සිදු විය. සමහර ඉන්දියානු ගෝත්‍රිකයන්ගෙන් යුත් ස්කොව්වරියක් ඇගේ ගෝත්‍රයේ රණශූරයෙකුගේ ඇස් ඉදිරිපිට කිසිවක් නොපවතින නමුත්, වෙනත් ගෝත්‍රයක සිරකරුවෙකුගේ ඇස් හමුවේ සර්වබලධාරී, සමහර විට ඔවුන්ට වධහිංසා පමුණුවන්නේ කෙසේදැයි තීරණය කළාය. කතෝලික පල්ලියේ දුප්පත් ආධාරකරුවෙකු ඔහුගේ බිෂොප්වරයා හා සසඳන විට ඉතා අල්පය. එහෙත්, රෙපරමාදු මිථ්‍යාදෘෂ්ටිකයෙකු හා සසඳන විට තමා තෝරාගත් අයෙකු ලෙස සැලකිය හැකිය, කිසිවක් නොකරමින් තම පියාගෙන් යැපෙන නිළකාරයෙකුගේ පුතෙකුට විශාල පවුලක මූළිකයා වූ කළු ජාතිකයෙකු වහලෙකු ලෙස තබා ගත හැකි විය.

මේ අනුව සමස්ත සාම්ප්‍රදායික සංකේතකරණය, සමාජය තුළ අපගේ ස්ථානය තහවුරු කරන ලද විදිමත් ව්‍යුහයක් මත පදනම්ව තිබුණි එහි ප්‍රතිපලයක් ලෙස සමාජ ස්ථරායනයේ ස්ථානයන් හි සබඳතා තහවුරු විය.

සම්ප්‍රදායේ බිඳවැටීමත් සමග , සාමාන්‍ය නිෂ්පාදන ක්‍රමයක් ලෙස ධනවාදය හඳුනා ගත් නමුත් ,සත්‍ය ලෙසම නව ක්‍රියාකාරී සංකේතකරණයක් නියෝජනය කිරීමට ධනවාදය අසමත් විය එය ආර්ථිකයේ කුරිරු හා ස්වාධීන නාට්‍යය පමණක් විය. (මාක්ස්ගේ ‘ආත්මාර්ථකාමී ගණනය කිරීමේ අයිස් වතුරේ මධ්‍යස්ථ, අසමමිතික රීතිය’). මෙහි ප්‍රතිපලය සංකේතකරණයේ ඓතිහාසික අර්බුදයයි. අද තරුණ තරුණියන් මෙතරම් විශාල ව්‍යාකූලතාවයකින් පෙළෙන්නේ එබැවිණි.

මෙම අර්බුදයට මුහුණදීමේදී අපට ඇත්තේ ක්‍රම දෙකක් පමණක් බව විශ්වාස කිරීමට අපව පොළඹවනු ලැබේ. එක් ක්‍රමයක් නම්, කිසිවක් නොපවතින බවත්, වෙනත් කිසිවක් පැවතිය නොහැකි බවත් කියන ගණනය කරන ලද වෙළඳපල චින්තනයේ මධ්‍යස්ථභාවය මගින් විහිදෙන ලිබරල් ‘ප්‍රජාතන්ත්‍රවාදී’ නිදහසේ ආකෘතියයයි, අනෙක් ක්‍රමය සම්ප්‍රදායික සංකේතකරණය වෙත ආපසු යාමේ ප්‍රතික්‍රියාශීලී ආශාවයි .

මගේ මතය අනුව, මාර්ග දෙකම අතිශයින්ම භයානක සිරවීම්වලට සම්බන්ධ වන අතර, ඔවුන්ගේ වඩ වඩාත් ලේවැකි වෙනස මානව වර්ගයා නිමක් නැති යුද්ධ චක්‍රයකට ඇද දමයි. ව්‍යාජ ප්‍රතිවිරෝධයන්ගේ සමස්ත ගැටළුව එයයි, එය සැබෑ ප්‍රතිවිරෝධය වළක්වයි.

අපගේ සැබෑ චින්තනය හා ක්‍රියාවන් සඳහා රාමුවක් ලෙස සේවය කළ යුතු මෙම සත්‍ය ප්‍රතිවිරෝධය, ධූරාවලි සංකේතාත්මක සම්ප්‍රදායේ නොවැලැක්විය හැකි බිඳවැටීම පිළිබඳ වෙනස් මත දෙකක් පෙන්වයි. එක් අතකින් දරුණු අසමානතා සහ ව්‍යාධි දෝෂ ඇති කරන බටහිර ධනේශ්වර අසමමිතික දැක්ම සහ අනෙක් අතින් සමානාත්මතා සංකේතකරණය ප්‍රකාශ කිරීම සඳහා මාක්ස් සහ ඔහුගේ සමකාලීනයන්ගෙන් යෝජනා කරන “කොමියුනිස්ට්වාදය” යනුවෙන් හැඳින්වෙන දර්ශනයයි. සොයා ගන්න.

නුතන ලෝකය පිළිබඳ මුලික ප්‍රතිවිරෝධිතාවය අපැහැදිලිය, වැරදි ප්‍රතිවිරෝධයන් හරහා සම්ප්‍රදාය අතහැර දැමීමේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ හෝ චීනයේ රාජ්‍ය සමාජවාදයේ ඉතිහාසය බංකොලොත් වීමෙන් පසුව, – – පහත දැක්වෙන දර්ශන දෙක දැක ගත හැකිවිය : එක් අතකින් ආධිපත්‍යය දරන බටහිරයන්ගේ උදාසීන හා වඳ, ඍණාත්මක බව සහ අනෙක් අතට, බොහෝ විට පරිහානියට පත් ආගමික කථා වලින් සරසා ඇති ෆැසිස්ට් ප්‍රතිගාමී බලවේගය එය පැරණි ධූරාවලීන් තමන් බල රහිත බව සැඟවීම සඳහා දර්ශනීය ප්‍රචණ්ඩත්වයෙන් නැවත පැමිණීම ප්‍රශංසා කරයි.

මෙම එකඟ නොවීම ප්‍රධාන වශයෙන් ස්ථාවර දෙකේම කැමැත්තට සේවය කරයි.කෙසේ වෙතත් ඒවායේ ගැටුම ප්‍රචණ්ඩකාරී බවක් පෙනෙන්නට තිබේ. සන්නිවේදන මාධ්‍යයන් කෙරෙහි ඔවුන්ගේ බලයේ ආධාරයෙන්, මේ ගැටුම මහජන උනන්දුව පැහැර ගනී.එමගින් “බටහිර හෝ ගෝත්‍රික ” ලෙස ව්‍යාජ තේරීමක් කිරීමට බල කරයි.එසේ කිරීමෙන්, මිනිස් සංහතිය ව්‍යසනයෙන් ගලවා ගත හැකි එකම පිළිගත් විශ්වාසය ඉදිරියට පැමිණීම අවහිර කරයි.

සමහර විට මම කොමියුනිස්ට් අදහස ලෙස හඳුන්වන මෙම විශ්වාසය සම්ප්‍රදාය බිඳී යාමේ දී පෙන්වන්නේ , මෙහෙයවීමට, කේත කිරීමට හා සැකසීමට හැකි සමානාත්මතා සංකේතයක් සොයා ගැනීම සඳහා අප ක්‍රියා කළ යුතු බවයි එනම් ධනය සාමූහිකකරණය කිරීමේ ස්ථාවර ආත්මීය පදනම, බලපෑම් සහගත අසමානතාවයන්ගේ අතුරුදහන් වීම , වෙනස්කම් හඳුනා ගැනීම – සමාන ආත්මීය අයිතිවාසිකම්වලට පෙර – සහ වෙනම ‘රාජ්‍ය’ අධිකාරීන් ක්‍රමයෙන් අතුරුදහන් වීම යි.

එබැවින් අප අපගේ ආත්මීයත්වය මුළුමනින්ම නව කාර්යයකට යොමු කළ යුතුය: පෙරමුණු දෙකක සටනක දී – ධනවාදී ගණනය කිරීමේ අයිස් ජලයේ සංකේතාත්මක විනාශයට එරෙහි සටන සහ පැරණි පිළිවෙල ප්‍රතිෂ්ඨපනය අරමුණු කරගත් ප්‍රතික්‍රියාශීලී ෆැසිස්ට්වාදයට එරෙහි සටන – වෙනස්කම් වලට නව ස්ථානයක් ලබා දෙන සමානාත්මතා සංකේතයක් අප විසින් නිර්මාණය කළ යුතුය. පවතින සියලු සම්පත් බෙදා ගැනීම මත පදනම් වූ පොදු නීති රීති එහි විශාලතම බර දරයි.

බටහිරයන් වන අප සංස්කෘතික විප්ලවයක් ආරම්භ කළ යුතු අතර, එය සියල්ල පිළිබඳ අපගේ දැක්ම අන් සියල්ලටම වඩා උසස් ය යන පරම පෞරාණික විශ්වාසය තුරන් කිරීමක් විය යුතුය . දහනව වන ශතවර්ෂයේ මහා විචාරකයින් සිතූ දෙයට හා පුරෝකථනය කළ දෙයට වඩා ධනවාදයේ කුරිරු හා අර්ථ විරහිත අසමානතාවයන් ඉතා විශාලය . ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවිධාන, එහි හාස්‍යජනක මැතිවරණ චාරිත්‍ර වාරිත්‍ර, තරඟකාරිත්වයේ සහ කෑදරකමේ ඉහළ අවශ්‍යතා සඳහා මුහුණුවරක් පමණක් බව මෙම ශ්‍රේෂ්ඨ පූර්වගාමීන් දුටුවේය. “පාර්ලිමේන්තු අසමතුලිතතාවය” ලෙස පූර්වගාමීන් හැඳින්වූයේ අද අප දකින මේ දුක්ඛිත දසුනයි.අප මෙම “බටහිර” අනන්‍යතාවය සම්පූරණයෙන් අත්හැරිය යුතු අතර, සියලු ප්‍රතික්‍රියාශීලී ෆැසිස්ට් ප්‍රවාහයන් ද අප විසින් ප්‍රතික්ෂේප කළ යුතුය:

මේවා අපගේ නව සමානාත්මතා සාරධර්මවල ශක්තිය තහවුරු කළ හැකි අත්‍යවශ්‍ය ඍණාත්මක අවස්ථාවන්ය. ව්‍යාජ ප්‍රතිවිරෝධයේ සෙල්ලම් බඩුවක් නොවීමෙන් සහ සැබෑ ප්‍රතිවිරෝධය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපට අපගේ ආත්මීයත්වය වෙනස් කළ හැකිය. මෙය අවසානයේදී පුද්ගලික දේපළ හා තරඟකාරිත්වය වෙනුවට මාක්ස් “නිදහස් ඇසුර ” ලෙස හඳුන්වන දේශපාලන බලය සොයා ගැනීමට අපට හැකි වේ.

ඔව් නමුත් මැලයා මත පදනම්ව ඒ කාරණය කියන එක යාළුවෙක් විදිහට හිතට අපහසුවක් ගේනවා, ඕක පොදු ප්‍රශ්නයක්නේ, මැලයාව පෙන්නන්නේ අපි ඒකට ඇදගන්න, ප්‍රශ්නය මැලයාට ලඝු නොකර හිටයනම් හොඳයි කියලා හිතෙනවා. නමුත් මැලයාව පාවිච්චි කිරීමේ නිදහසට අපිට මොකුත් කියන්න බැරි සීන් එකක්නේ තියෙන්නේ.

Facebook Comments