free hit counter

ඇමරිකාවෙන් න්‍යෂ්ටික අත්හදාබැලීමක්

1992 න් පසු නව න්‍යෂ්ටික අත්හදාබැලීමක් සඳහා ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වන බවට වාර්තා පළවේ. පාලිත න්‍යෂ්ටික පිපුරුමක් පිළිබඳ මේ අදහස ප්‍රකාශ කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිළදාරියෙකි.
මොස්කව්, බීජිං සහ වොෂිංටන් අතර ත්‍රෛපාර්ශ්වික න්‍යෂ්ටික ගනුදෙනුවක් සඳහා මේ පරීක්ෂණය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔවුන් උපකල්පනය කරයි.
1992 න් පසු එක්සත් ජනපදය මේ ආකාරයේ පළමු පරීක්ෂණය පැවැත්වීම පිටුපස ඇති තර්කය වන්නේ රුසියාව සහ චීනය න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවත ආරම්භ කර ඇති බවට චෝදනාවකි.

Facebook Comments