free hit counter

ගෝඨාභය යටතේ සිවිල් කටයුතු හමුදාකරණය වෙලා – දයාන් ජයතිලක

දයාන් ජයතිලක ගෝඨාභය රාජපක්ෂගේ සිංහල බෞද්ධ රාජ්‍ය ව්‍යාපෘතිය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ලෝකයේ හමුදාව යනු රාජ්‍යයේ අවසාන ප්‍රතිවාරය වන නමුත් දැන් ශ්‍රී ලංකාවේ එය දැන් ප්‍රථම ප්‍රතිචාරය බවට පත්ව තිබේ යැයි ජයතිලක සඳහන් කරන්නේ ගෝඨාභය යටතේ සිවිල් කටයුතු හමුදාකරණය වී ඇති බවයි.

දයාන් ජයතිලක ගෝඨාභයගේ ආණ්ඩුවට ප්‍රශ්ණ කිහිපයක් ඉරිපත් කරයි .

01. නව පාලන තන්ත්‍රය යටතේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ ආරක්ෂාවට ඇති තර්ජනය පිළිබඳ අර්ථකථන වෙනසක් වී තිබේද?

02. ප්‍රචණ්ඩ ගැටුමක් හෝ සන්නද්ධ සතුරෙකු සම්බන්ධයෙන් නොවූවත් ආරක්ෂක අමාත්‍යාංශය සහ හමුදාව ප්‍රාදේශීය/සිවිල් ආරවුල්හිදී ක්‍රියාකාරී මැදිහත්වීම් සඳහ සිය භූමිකාව වෙනස් කර තිබේ ද?

03. මූලෝපායික ප්‍රශ්ණයක් හෝ අවම වශයෙන් සන්නද්ධ තර්ජනයක් හෝ සන්නද්ධ සතුරෙකු නොමැති අවස්ථාවක පොලිස් ස්ථානයක් වෙනුවට හමුදා කඳවුරක් පිහිටුවන්නේ ඇයි?

04. බහු ජනවාර්ගික, බහු–ආගමික, බහුභාෂා වටපිටාවක ආරක්ෂක උපංගයන්හි සහ මිලිටරි යන්ත්‍රයෙහි අනන්‍යතාවය හා ක්‍රියාකාරිත්වය දැන් වෙනත් ලෙසකින් අර්ථ දක්වා තිබේද?

05. ඊටත් වඩා මූලික වශයෙන්, යුද හමුදාවන් එහි කඩුව සහ පලිහ වන ශ්‍රී ලංකා රාජ්‍යයේ අනන්‍යතාවය, භූමිකාව, ක්‍රියාකාරිත්වය සහ ස්වභාවය රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් රැඩිකල් ලෙස වෙනස් අර්ථ දැක්වීමක් කර තිබේද?

06. එසේ නම්, නැවත සකස් කිරීම අවසන් වූ පසු එයට මඟ පෙන්වන දෘෂ්ටිවාදය සහ රාජ්‍යයේ අවසාන ස්වරූපය එයින් හෙළි වන්නේ කුමක්ද?”

ගෝඨාභය රාජපක්ෂගේ “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ, ශ්‍රී ලංකා රාජ්‍ය යන්ත්‍රයේ නව දිශානතිය සහ ස්වභාවය ඒකමාන, ඒක–ආගමික, ඒක–භාෂා, එක්–සංස්කෘතික ආධිපත්‍යයේ ආයුධයක් ලෙස ශක්තිමත් වනු ඇති බව ඔහුගේ අදහසයි .

Facebook Comments