free hit counter

අදහස්වල විශ්වය, අපගේ අත්දැකීම්වල ස්වභාවයට වඩා මඳක් ස්වාධීන ය – විද්‍යාවේ දර්ශනය පුළුල් කළ ඇල්බට් අයින්ස්ටයින්

1919 නොවැම්බර් 6 වනදා අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ පර්යේෂණාත්මක තහවුරු කිරීම ප්‍රකාශයට පත් කරමින්, භෞතික විද්‍යාඥ ජෝසෆ්. ජේ තොම්සන් මෙය මානව චින්තනයේ විශිෂ්ටතම ජයග්‍රහණයන්ගෙන් එකක් බව ප්‍රකාශයට පත් කළේය.එම යුගයේ ප්‍රසිද්ධ කියමනක් භාවිතා කරමින් ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ ” අයින්ස්ටයින්ගේ න්‍යාය සැබවින්ම කුමක්ද යන්න පැහැදිලි භාෂාවෙන් ප්‍රකාශ කිරීමට කිසිවෙකු තවමත් සමත් වී නැති බව පාපොච්චාරණය කළ යුතුය” යනුවෙනි.

කලක් අයින්ස්ටයින්ගේ පර්යේෂණ සහකාරයෙකු ලෙස කටයුතු කළ Cornelius Lanczos 1965 දී ඔහු විසින් රචිත “Albert Einstein and the Cosmic World Order” කෘතියේ පෙන්වා දෙන්නේ අයින්ස්ටයින් වෘත්තීය භෞතික විද්‍යාඥයෙකුට වඩා දර්ශනවාදියෙකු වූ බවයි. ඔහුට භෞතික විද්‍යාවේ පුළුල් වපසරිය සම්බන්දයෙන් තිබු උනන්දුව සැබවින්ම ඔහු ස්වභාවික ලෝකය සම්බන්ද දර්ශනවාදියෙකු කළ බව Cornelius Lanczos ගේ අදහසයි.

භෞතික විද්‍යාවේ න්‍යායන් බොහෝ විට වර්ධනය වන්නේ දාර්ශනික අදහස්වලිනි, ඒ අනුව අයින්ස්ටයින් වෘත්තීය දාර්ශනිකයන් විසින් කතාබහ කළ කාලයේ සහ අවකාශයේ ස්වභාවය වැනි ක්‍ෂේත්‍ර කෙරෙහි යොමු වූ බව පෙනේ.

ඔහුගේම ප්‍රවේශයක් වූ, ගණිතමය අවබෝධයන් හා නිරීක්ෂණය කළ දත්තයන්ගේ සංකලනය දාර්ශනිකයන්ගේ ප්‍රවේශයන්ට වඩා බෙහෙවින්ම දුරස්ථ වුවකි. එම කාලයේ එය අයත් වුයේ ඔහුගේම පුළුල් දෘෂ්ටියක් තුළ වූ විශේෂ දාර්ශනික පද්ධතියකටය.

19 වන සියවසේදීත් භෞතික විද්‍යාව පිළිබඳ දර්ශනය පිලාත්ගේ සදාතනික ප්‍රශ්න වූ “සත්‍යය යනු කුමක්ද?” දාර්ශනික සත්‍යයට පටහැනිව විද්‍යාත්මක සත්‍යයක් තිබේද? යන්න සමග බැඳී පැවතිණි.එසේම දහනව වන ශතවර්ෂයේදී භෞතික සංසිද්ධියක් විද්‍යාත්මකව සත්‍ය වීමට ශබ්දය, තාපය සහ ආලෝකය වැනි ඒවා අදාළ සංඛ්‍යාත පෙන්විය යුතු විය. මෙම මතය 1870 දී පමණ ජනප්‍රියත්වයට පත්විය. හයිඩෙල්බර්ග් භෞතික විද්‍යාඥ ගුස්ටාව් කර්චොෆ් සිය “ යාන්ත්‍ර විද්‍යාව ” (1874) පොතෙහි හි ප්‍රකාශ කළේ එහි අරමුණ “සොබාදහමේ සිදුවන චලනයන් මුළුමනින්ම හා සරලව විස්තර කිරීම” බවයි.

Ernst Waldfried Josef Wenzel Mach විසින් පෙන්වා දුන්නේ සියලු විද්‍යාවන් සරල බව සහ චින්තනයේ තාර්කික සංවිදානය මත පදනම් විය යුතු බවයි. Mach ප්‍රංශ දාර්ශනික ඕගස්ට් කොම්ටේ වෙත ද යොමු විය, කොම්ටේ ප්‍රකාශ කළේ ඕනෑම විද්‍යාත්මක න්‍යායක් විනිශ්චය කළ යුත්තේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමෙහි නිරූපණය මත පදනම්ව බවයි. 1883 දී Mach විසින්ම ඉල්ලා සිටියේ නිරීක්‍ෂණය කළ හැකි සංසිද්ධිවලට තුඩු දෙන ප්‍රකාශ පමණක් භාවිතා කළ යුතු බවයි.මෙම පදනම මත ඔහු නිරපේක්ෂ අවකාශය පිළිබඳ නිව්ටන්ගේ අදහස වැනි ඕනෑම හිස් මතයකට විරුද්ධ විය. “ස්ථාවර” තාරකාවලට සාපේක්ෂව අභ්‍යවකාශයේ භෞමික චලනයන් බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය.අයින්ස්ටයින් දුටුවේ මෙම භෞතික වස්තූන් ඒවා පිළිබඳ අවකාශය විකෘති කරමින් එහි නිදහසේ චලනය වන වස්තූන්ගේ මාර්ග තීරණය කරන බවයි.

මැක් සහ ස්කොට්ලන්ත දාර්ශනික ඩේවිඩ් හියුම්ගේ විවේචනාත්මක දෘෂ්ටිය අනුගමනය කරමින්, ඔහු සාපෙක්ෂබව පිළිබඳ සංකල්පය විශ්ලේෂණය කළේය. එමගින් කියවුනේ, එකම ස්ථානයක සිදුවීම් දෙකක් සිදු වූ විට එය ඉතා සරල ය, නමුත් ආලෝකයේ වේගයෙන් පමණක් ප්‍රවේශ විය හැකි විශාල දුරකින් වෙන් වූ විට ඉතා සංකීරණ බවයි. නමුත් අයින්ස්ටයින් Mach ගේ භෞතික විද්‍යාවේ සාමාන්‍ය නීතිය ලෙස හැඳින්වූ හුදෙක් අත්දැකීම් වල සාරාංශයක් ය යන මතයට එකඟ නොවීය, ඔහු පෙන්වාදුන්නේ සුදු වස්තුන්ගේ සුදු පැහැය පිළිගත හැකි ද යන්නයි.

1748 දී හියුම්, අනුක්‍රමික සිදුවීම් වල පැවැත්මට අත්‍යවශ්‍ය වූ හේතුපල සම්බන්දයේ නෛසර්ගික පැවැත්ම ප්‍රශ්න කළේය. 1781 දී එම්මානුවෙල් කාන්ට් සංසිද්ධි විස්තර කිරීමට සංසිද්ධි ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කළේය.අත්‍යවශ්‍ය චින්තන කොන්දේසි වලින් නිර්මාණශිලිත්වය සීමාකර නොගෙන විස්තර කිරීම් සඳහා හේතු ඇතුලත් කළ යුතු බව ඔහුගේ අදහස වුනා.1912 දී පොයින්කෙයාර් අවධාරණය කළේ විද්‍යාවේ පොදු ගුණාංග යථාර්ථය පිළිබඳ ප්‍රකාශයන් නොව, ජ්‍යාමිතිය, යාන්ත්‍ර විද්‍යාව සහ භෞතික විද්‍යාවේ ගුණාංග සඳහා සරල රේඛා, බලය, ශක්තිය වැනි අත්තනෝමතික ප්‍රකාශයන් බවයි.

අයින්ස්ටයින් උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේ මිනිසා තම අත්දැකීම සරල කර ගැනීම සඳහා නව නිපැයුමක් ලෙස පූර්ණ සංඛ්‍යා නිර්මාණය කරගත් බවයි.එසේම ඔහු නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ න්‍යායේ ආසන්න සාර්ථකභාවය හා එහි මනකල්පිතභාවය පිළිබඳ පෙන්වා දුන්නේය.එසේම ඔහු ප්‍රකාශ කරන්නේ ස්වාභාවික සංසිද්ධීන් අවබෝධ කර ගැනීම සඳහා සංකල්ප සහ ඒවා එකිනෙකට සම්බන්ධ කරන නීති තනිකරම ගණිතමය ඉදිකිරීම් මගින් අපට සොයාගත හැකි බවයි. සාමාන්‍ය සාපේක්ෂතාවාදය, ඔහුගේ මතය අනුව, විද්‍යාත්මක සංකල්ප අනිවාර්යයෙන්ම අත්දැකීම් වලින් උපුටා ගත් බවට වන යෝජනාවේ වැරදි බව පෙන්නුම් කරන බව ඔහු කියයි.

රෙනේ ඩෙකාර්ට්ස්ගේ මම සිතමි එම නිසා මම පවතිමි අදසට ඔහු එකඟ නොවිය. ඔහු පෙන්වා දෙන්නේ අදහස්වල විශ්වය, අපගේ අත්දැකීම්වල ස්වභාවයට වඩා මඳක් ස්වාධීන ය, ඇඳුම් යනු මිනිස් සිරුරේ ස්වරූපය වේ යනුවෙන් ඔහු පවසයි. අයින්ස්ටයින් පරීක්ෂණ, නිරීක්ෂණ පමණක් නොව න්‍යායන් සරළ කිරීම පිළිබඳවද අවදාරණය කළේය.

Facebook Comments