free hit counter

ඇමරිකානුවෝ සමාජ දුරස්ථභාවය ප්‍රතික්ෂේප කරති

පසුගිය සති අන්තයේ මුහුදු වෙරළ, අවන්හල්, උත්සව හා කණ්ඩායම් සතුටු සාදයන්ට එක් වූ ඇමරිකානුවන් බොහෝ දෙනෙකු සමාජ දුරස්ථභාවය හා මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කළේය. ඔවුන් බොහෝ දෙනෙකු පවසන්නේ නිවසට වී සිටීමෙන් තමන් අධික කාංසාවට පත්ව ඇති බවයි, අනෙක් අතට තමන් මරණයට නොබියව මුහුණ දෙන බව ඔවුන් ප්‍රකාශ කරයි.

මොන්ට්ගොමරි නගරාධිපති ස්ටීවන් රීඩ් සඳුදා උදෑසන පැවසුවේ තම ප්‍රාන්තයේ සීමාවන් ඉක්මණින් ලිහිල් කිරීම ජනතාවට “සුරක්ෂිතභාවය පිළිබඳ ව්‍යාජ හැඟීමක්” ලබා දී ඇති බවයි.
“අප දකින්නේ භේදභින්න වූ ප්‍රජාවක් වන අතර මෙය අවසන් යැයි විශ්වාස කරන පුද්ගලයින් සිටි ඔවුන් ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට ආපසු යාමට තීරණය කර ඇති අතර ඔවුන් අවදානම ගැනීමට කැමැත්තෙන් සිටිති,” රීඩ් පැවසීය.

Facebook Comments