free hit counter

තොණ්ඩමන්ගේ මරණයත් සමග කම්කරු කොන්ග්‍රසය එජාපයට සහය දැක්වීමේ සූදානමක්

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමත් සමඟම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව යම් ගැටලුකාරී තත්වයකට පත්ව තිබේ.

මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකු මියගිය හොත් දින තුනක් ඇතුළත වෙනත් අපේක්‍ෂකයෙකු නම් කල හැක.

නමුත් මැතිවරණය පැවැත්වීමට විරුද්ධව නඩු පවරා ඇති තත්වයක් මත එය යම් ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබේ.

එසේම තොණ්ඩමන් මහතාගේ මරණයෙන් පසුව ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් පොදුජන පෙරමුණ සමග ඇති සන්ධානයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමග එකතුව කටයුතු කිරීමට සූදානම් වන බව ද වාර්තාවේ.

Facebook Comments