free hit counter

දෙවැනි කොරෝනා රැල්ලක අවදානම -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මේ වන විට නාවික හමුදාවේ පොකුරට අමතරව විදේශීය රටවලින් මෙරටට පැමිණි අයගෙන් ද තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබේ.

මෙම පොකුරු නිසි ලෙස කලමණාකාරනය නොකලහොත් රට තුල නැවතත් කොරෝනා දෙවැනි රැල්ලක් අතිවීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වාදෙයි.

කොරෝනා ආසාදිතයන් 2500ක් 3000ක් ප්‍රමාණයක් රට තුල වාර්තා වුවහොත් ප්‍රතිකාර කිරීමේදී ගැටලු ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි සිට මෙරටට ගෙන ඒමේ ක්‍රියාවලියේ යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වාදෙයි.

Facebook Comments