free hit counter

ඉතාලියේ සිට 155 දෙනෙකු රැගෙන ගුවන් යානයක් මත්තලට

2020-07-01
(සුරියවැව නුවන් ජයසේකර)

කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන විදේශිය නෞකාවක කාර්ය මංඩයේ 155 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් රෝමයේ සිට අද  (01) පෙරවරුවේ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල වෙත ගොඩ බෑ බව මත්තල ගුවන් තොටුපොල ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.

නාවික කාර්ය මංඩලය 155 දෙනෙකු සහිතව ඉතාලියේ රෝම් නගරයේ ලියනාඩෝඩාවින්සි ගුවන් තොටු පොලේ සිට Wamos ගුවන් සේවයට අයත් ඒ.330 වර්ගයේ ඊ.බී.544 දරණ විශේෂ ගුවන් යානයෙන් පිරිස අද  (01) පෙරවරු 10.20ට මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොලට ගොඩ බෑම සිදුකෙරුණි.මෙහි පැමිණි සියළුම දෙනා විදෙස් ජාතික නාවික කාර්ය මංඩල නිළධාරීන් පමණක් වන අතර ඔවුන් සියළුම දෙනා මත්තල ගුවන් තොටු පොලේ සිට විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව කොළඹ වරාය වෙත බස් රථ මගින් රැගෙන යාම සිදු කෙරුණි. ඔවුන් කිසිවෙකුත් ලංකාවේ බාහිර ප්‍රදේශ වෙත නිරාවරණය නොවන බවයි ගුවන් තොටුපොල කළමනාකරු පැවසුවේ.

ගුවන් යානය නාවික කාර්ය මංඩලයේ 90 දෙනෙකු රැගෙන නැවතත් හෙට  (02) පෙරවරුවේ ලංඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටු පොල වෙත යාමට නියමිතය.ගුවන් යානයේ කාර්ය මංඩලය විශේෂ නිරෝධායනයන ක්‍රියාවලියකට හා පී.සී.ආර්.පරික්ෂණයකට ලක් කිරිමට පියවර ගන්නා බවයි ගුවන් තොටු පොල කළමනාකරු පැවසුවේ.

 

Facebook Comments