free hit counter

WhatsApp හරහා මුදල් ගෙවන්න ඉන්දියාව අවසර දෙයි

ඉන්දියාව iOS සහ Android භාවිතා කරනු ලබන WhatsApp පරිශීලකයින් හට මුදල් හුවමාරු කරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව WhatsApp ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Facebook සමාගමේ CEO වරයා වන Zuckerberg ප්‍රකාශ කර සිටියේ WhatsApp සේවාවට ඉන්දියාව තුළ මුදල් ගණුදෙනු සිදු කිරීමේ අවසරය ලැබීම නිසාවෙන් මේ වන විට යහළුවන් සහ පවුලේ හිතවතුන් සමඟින් ඉතාමත් පහසුවෙන් මුදල් හුවමාරු කරගැනීමට WhatsApp සේවාව භාවිතා කළ හැකි බවයි.

එමෙන්ම මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකරන බවත්, ඉන්දියාව තුළ ඇති බැංකු 140කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහාය දක්වන බවත්, WhatsApp සේවාවට අන්තර්ගත කර ඇති බැවින් මෙය ඉතාමත් ආරක්ෂිත සේවාවක් වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Facebook Comments