free hit counter

ආර්මේනියා – අර්බයිජාන් සාම ගිවිසුම එරෙහි විරෝධය

නාගෝර්නෝ-කරබාක් යනු දකුණු කොකේසස්හි, කරබාක් කඳු වැටියේ, පහළ කරබාක් සහ සැන්ගසූර් අතර පිහිටා ඇති, ගිනිකොන දිගින් ලෙස(ර්) කොකේසස් කඳුකරයෙන් ආවරණය වූ භූමි ප්‍රදේශයකි. මෙම කලාපය බොහෝ දුරට කඳුකර හා වනාන්තර වේ.

නාගෝර්නෝ-කරබාක් යනු මතභේදාත්මක භූමි ප්‍රදේශයකි, එය අසර්බයිජානයේ කොටසක් ලෙස ජාත්‍යන්තරව පිළිගෙන තිබුන ද , පළමුවන නාගෝර්නෝ-කරබාක් යුද්ධයෙන් පසු බොහෝ දුරට පාලනය කරනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළි නොගත් ආර්ටාක් ජනරජය (කලින් නම් කරන ලද නාගෝර්නෝ-කරබාක් ජනරජය) විසිනි.

1994 නාගර්නෝ-කරබාක් යුද්ධය අවසන් වූ දා සිට, ආර්මේනියාවේ සහ අසර්බයිජානයේ රජයන්ගේ නියෝජිතයින් කලාපයේ මතභේදාත්මක තත්ත්වය සාම සාකච්ඡා පවත්වමින් සිටියහ. මේ අතරවාරයේ දෙරට අතර නිරන්තර ගැටුම් ඇති විය.

කෙසේ වෙතත් වසර 26 කට පසුව රුසියාව මැදිහත්වය ආර්මේනියා – අර්බයිජාන් – රුසියානු සාම ගිවිසුමක් පෙරේදා නොවැම්බර් 09 අත්සන් තැබුවා ද අද වන විට ආර්මේනියා විපක්ෂ ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීම මත ජනතාව එරට පාර්ලිමේන්තුවට ඇතුළු වී විරෝධය පළකළහ.

Facebook Comments