free hit counter

කොරෝනා මරණ භූමදානය තලෙයිමන්නාරමට

මුස්ලිම් කොරෝනා මරණ භූමදාන කිරීම සඳහා තලෙයිමන්නාරම යෝජනා කර තිබේ. ඇතැම් විශේෂඥයින් විසින් මතු කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් තලෙයිමන්නාරම් දූපත ආරක්ෂිතම විකල්පය ලෙස යෝජනා කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය විසින් මේ පිළිබඳව සාකච්ඡා කළ විට කැබිනට් අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් මෙම යෝජනාවට එකඟවී තිබේ.

මුස්ලිම් කොරෝනා මරණ කොළඹ ප්‍රධාන මුස්ලිම් සුසාන භූමියේ භූමදාන කිරීමට මුලින් යෝජනාවක් ඉදිරිපත් කළ ද බොහෝ ඇමතිවරු එය අවදානමක් ඇති කළ හැකි බැවින් ප්‍රතික්ෂේප කළහ.

තලෙයිමන්නාරම ප්‍රධාන වශයෙන් වියළි ඉඩම් සහිත දූපතක් සෞඛ්‍ය විශේෂඥයින්ගේ කමිටුවකට මේ පිළිබඳව අධ්‍යයනය කිරීමට උපදෙස් දී තිබේ.මෙම පියවර ඉදිරියට ගෙන යාමට රජය තීරණය කර ඇත්තේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ කැමැත්ත ලබා දෙන්නේ නම් පමණි.

මුස්ලිම් කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර දීම රජය විසින් මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇත්තේ දේශීය සෞඛ්‍ය විශේෂඥයින් විසින් දේහයන් වළලනු ලැබුවහොත් වෙනත් පුද්ගලයින් වෙත වෛරසය පැතිර යා හැකි බව පෙන්වා දී ඇති බැවිනි.භූමදානය කිරීමට අවසර දෙන ලෙස රජයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් බලපෑම් එල්ල වී තිබේ.

Facebook Comments