free hit counter

අනිල් ජාසිංහව එපා කියයි

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් – ධූරයෙන් ඉවත් කර පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කිරීම පිළිබඳ ආණ්ඩුවට එරෙහිව විවිධ චෝදනා එල්ලවන අතර එතුමාට උසස් වීමක් ලබා දීම අත්‍යවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරන්නැයි බොහෝ දෙනා ඉල්ලති.

මේ පිළිබඳ අවධානය යොමු කරමින් ආණ්ඩු හිතවාදී ස්ථාවරයක කටයුතු කරන ඇල්ලේ ගුණවංශ හිමියන් හා අනිල් ජාසිංහ මහතා අතර හමුවීමක් සිදු ව ඇති අතර එහිදී මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා උපදේශන සහයෝගයක් ලබා දීමට තමා දැඩි කැමැත්තකින් පසුවන බව අනිල් ජාසිංහ මහතා පැවසු බව ඇල්ලේ ගුණවංශ හිමියන් හිමියන් පවසති. මේ පිළිබඳ තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති බව පවසන ගුණවංශ හිමියන් මේ සඳහා ආණ්ඩුව මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව කියයි.

ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් වහන්සේගේ විශ්වාසය බරපතළ ගැටලුවකට පත්ව ඇති බවද ගුණවංශ හිමියන් පවසයි

Facebook Comments