free hit counter

හත්වන මහාද්වීපයේ කොරෝනා නිවාඩුව

ඇන්ටාක්ටිකාව වෙත පැමිණීම ශීත, සුරංගනා කතාවකට ඇතුළු වීමට සමාන ය. එය විස්මිත සුන්දරත්වයේ ස්ථානයක් වන අතර, විශාල අයිස් කුට්ටි විසල් කැඩපත් සේ නැගීසිටි. එකිනෙකාට කොඳුරන කළු සුදු පෙන්ගුවින් රංචුව ගිම්හාන නිල් අහසයට නිදහසේ වැතිර හිඳී.

එසේනම් පසුගිය දශක දෙක තුළ ඇන්ටාක්ටිකා පැමිණෙන සංචාරකයන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී. 1990 දශකයේ මුල් භාගයේදී, හත්වන මහාද්වීපයට පැමිණියේ 7,000 කටත් වඩා අඩු පිරිසකි. පසුගිය වසරේ එම සංඛ්‍යාව 74,000 ක් වූ අතර සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ උතුරු කෙළවරට පැමිණීමට දකුණු ඇමරිකාවට හෝ දකුණු අප්‍රිකාවට පියාසර කර, ගවේෂණ නෞකාවකට ගොඩවී කැලඹිලි සහිත ඩ්‍රේක් පැසේජ් මුහුද හරහා ගමන් කළ යුතුය. සංචාරකයන්ට කෲස් නෞකාවක නැගී තල්මසුන් හා අයිස් කුට්ටි අතර සැරිසැරීමටත්, පුද්ගලයන් 10 බැගින් වෙරළට ගොස්, සීල් සහ පෙන්ගුයින් ජනපද නැරඹීමට හැකිය.

Coronavirus in Antarctica (Credit: Credit: Bella Falk)

ඇන්ටාක්ටිකාවේ සංචාරක සමය අවසානයේ ශීත ඍතුව සඳහා කෲස් සමාගම් සිය මෙහෙයුම් අවසන් කරමින් සිටියදී කොරෝනා අර්බුදය ආරම්භවිය. ඉතා ඉක්මනින් මිනිසුන් නැවත යැවීමට ඔවුන්ට සිදු විය. අන්තිම නැව් කිහිපය ඔවුන් පිළිගන්නා රටක් සොයා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීය.

එක් ඕස්ට්‍රේලියානු යාත්‍රාවක් උරුගුවේ වෙරළට ඔබ්බෙන් කොවිඩ් රෝගී මගීන් 128 දෙනෙකු සමඟ අතරමං විය. ලන්දේසි සමාගමකට දකුණු ඇමරිකාවේ නැව් තටාකයට යාමට නොහැකි වූ නිසා කිලෝමීටර් 14,000 ක් ආපසු නෙදර්ලන්තයට යාත්‍රා කිරීමට බල කෙරුනි.

එතැන් සිට මහාද්වීපය නිහඬ වී ඇත. වාසනාවකට මෙන් දකුණු ශීත ඍතුවේ දී වසංගතය ඇති විය, නමුත් වෛරසය අතුරුදහන් වීමේ සලකුනක් නොපෙන්වන අතර එන්නතක් තවමත් බොහෝ ඈතින් ඇති හෙයින් ඇන්ටාක්ටික් සංචාරක ව්‍යාපාරයේ අනාගතය ඉතා අවිනිශ්චිත බව පෙනේ.

ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ක්‍රියාකාරකම් වලින් එකක් වන්නේ විද්‍යාත්මක පර්යේෂණ වන අතර, වසංගතය දකුණු ඕර්ක්නිස් හි ලෝරි දූපතේ පිහිටි බේස් ඕර්කාඩාස් වැනි ඇන්ටාක්ටික් පර්යේෂණ ස්ථානවල කටයුතු අඩාල කර තිබේ.

කලාපයේ කඳවුරු පහක් පවත්වාගෙන යන බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණය කණ්ඩායමේ කෙවින් හියුස් පැවසුවේ “අපගේ ප්‍රධාන ප්‍රමුඛතාවය විද්‍යාව ඉදිරියට ගෙන යාමයි. “දේශගුණික විපර්යාස බලපෑම, ඕසෝන් ස්ථර අධීක්ෂණය, පෙන්ගුයින් ගහනය, කාලගුණ විද්‍යාව සහ ඉහළ වායුගෝලීය විද්‍යාව වැනි කරුණු පිළිබඳව අප විසින් අඛණ්ඩ අධ්‍යයන සිදු කරනු ලැබේ. අපට දිගු කාලින දත්ත කට්ටල ඇති නමුත් දත්ත දිනපතා රැස් කිරීම නැවැත්විය නොහැක. කෙසේ පර්යේෂණ කණ්ඩායම් අවම විය හැක.

ලොකුම කනස්සල්ල වන්නේ වාර්ෂික ඇන්ටාක්ටික් ගිවිසුම් උපදේශන රැස්වීම අවලංගු කර තිබීමයි. එළඹෙන වර්ෂය සඳහා පාරිසරික ආරක්ෂාව සඳහා වන ප්‍රමුඛතා තීරණය කිරීම සඳහා රැස්විය යුතුව තිබුණි . එය නොමැතිව, තීරණ ගැනීම ප්‍රමාද විය හැකි අතර එය කලාපයට විනාශකාරී දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකිය.

කොවිඩ් -19 ඇන්ටාක්ටික් සංචාරක කර්මාන්තය කෙරෙහි විශාල බලපෑමක් කල ද එක අතකින් එය කලාපයටම ශුභ ආරංචියක් විය හැකිය. දස දහස් සංඛ්‍යාත සංචාරකයින් නොමැති වීම ප්‍රදේශය දූෂණයට ලක්වීමේ අවදානම අඩු කරයි.නැව් නිශ්ශබ්ද වන විට, කාබන් විමෝචනය ද අඩු වේ.

Nature gets a break (Credit: Credit: Bella Falk)

එහෙත් එවැනි කෙටි විරාමයක් ඇත්ත වශයෙන්ම බොහෝ වෙනසක් කරයිදැයි හියුස් සැක කරයි. “වනජීවී ගහනයට සහ වාසස්ථාන වලට විවේකයක් ලැබීම සතුටක් වන අතර, පරිසරයට හානියක් නොවන පරිදි සංචාරක කර්මාන්තය බොහෝ දුරට හොඳින් කළමනාකරණය කර ඇති බැවින්, එය නැවැත්වීම, වසරක් හෝ ඊට වැඩි කාලයක් වුවද, සැලකිය යුතු බලපෑමක් ඇති නොකරනු ඇත.

ඇන්ටාක්ටිකාවට සංචාරක ව්‍යාපාරයට වඩා විශාල බලපෑමක් ඇති කරනු ඇත්තේ දේශගුණික විපර්යාසයි.

ඇන්ටාක්ටිකාව නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් 95% කට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරන්නේ ඇන්ටාක්ටික් අර්ධද්වීපයටයි. එය දකුණු ඇමරිකාව දෙසට විහිදෙන උතුරු කෙළවරයි. දේශගුණික විපර්යාසයන්ගෙන් වඩාත් බලපෑමට ලක්වූ ප්‍රදේශය මෙයයි.

1950 දශකයේ සිට අර්ධද්වීපය වටා වායු උෂ්ණත්වය 3 ° C කින් ඉහළ ගොස් ඇති අතර එය පෘථිවියේ වේගයෙන් උණුසුම් වන ස්ථානයකි. 2020 පෙබරවාරියේදී, එම ප්‍රදේශය එහි උණුසුම්ම දිනය වාර්තා කළේය: ඒ 18.3. C ක් වන කළාපයට විශාල බලපෑම් කළ හැකි උෂ්ණත්වයකි.

1955 සිට අර්ධද්වීපයේ බටහිර අවට ජලය 1 ° C ට වඩා උනුසුම් වීමත් සමඟ මුහුදු උෂ්ණත්වය ද ඉහළ යමින් පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස අයිස් කඳු කඩා වැටෙමින්, ග්ලැසියර පසුබසිමින්, මුහුදු අයිස් අඩුවෙමින් පවතින අතර අයිස් රහිත කාලයන් වැඩි වෙමින් පවතී. මේ සියල්ල සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපානු ඇත.

පසුගිය වසර කිහිපය තුළ ඇන්ටාක්ටික් සංචාරක කර්මාන්තය ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පැවතුනද, වසංගතය සංචාරක කර්මාන්තකරුවන්ට පියවරක් පසුපසට ගොස් නැවත සිතා බැලීමට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි විශේෂඥයෝ බලාපොරොත්තු වෙති.

එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ ධ්‍රැවීය කලාප ප්‍රධානී ජේන් රම්බල් ඕබී පැවසුවේ විරාමය මගින් ඇන්ටාක්ටික් සංචාරක ව්‍යාපාරයේ අනාගතය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව සංවාදයක් සඳහා ඉඩක් ලබා දී තිබේ යනුවෙනි.

” සංචාරක සංඛ්‍යාව සඳහා අනාගත සීමාවන් තිබිය යුතුද, නැතහොත් සංචාරක ක්‍රියාකාරකම් සීමා කලයුතු ද යන්න සංවාදයට ගත යුතුය. මී ළඟ අවුරුදු 10-20ක් තුළ මේ සියල්ල කෙබඳු විය යුතු දැයි සකස් කර ගැනීමට දැන් හොඳ විවේක අවස්ථාවක් ලැබී තිබේ ” ඕබී පවසනවා.

ඇන්ටාක්ටික් සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම නැවැත්වීමට කිසිවෙකුට අවශ්‍ය නැත.

“සංචාරක ව්‍යාපාරයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බව අපගේ විශ්වාසයයි, මන්ද ඇන්ටාක්ටිකාව නැරඹීමට පැමිණෙන අය සැබවින්ම එයට ආදරය කිරීමට හා අගය කිරීමට ඉගෙන ගන්නා අතර එය ආරක්ෂා කිරීම එතරම් වැදගත් වන්නේ මන්ද යන්න පිළිබඳ මෙමගින් නිරවුල් අවබෝධයක් පැතිරෙන බැවිනි” පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ ධ්‍රැවීය කලාප ප්‍රධානී ජේන් රම්බල් ඕබී අවදාරණය කරනවා.

Facebook Comments