free hit counter

“මැඩෝනා සහ ළමයා” රොබෝවෙක් හඳුනාගනී

මොනාලිසාගේ සිනහව තරම්ම ඉතිහාසයක් ඇති ” මැඩෝනා සහ ළමයා ” චිත්‍රය චෙක් සමාගමක් වන ඉන්සයිට්ආර්ට් විසින් ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී රෆායල්ගේ ම මුල්කෘතියක් ලෙස හඳුනාගෙන ඇති අතර කලා කෘති විමර්ශනය කිරීම සඳහාම නිර්මාණය කර ඇති රොබෝ එක්ස් කිරණ ස්කෑනරයක් භාවිතයෙන් මේ හඳුනාගැනීම සිදු කර තිබේ..

වසර 500 ක් පැරණි මෙම සිතුවම ලෙනාඩෝ ඩා වින්චි සහ මයිකල්ඇන්ජලෝගේ සමකාලීනයෙකු වන රෆායෙල්ගේ බව පැවසුනත් මෑතකදී ඒ පිළිබඳ සැකයක් මතුවිය මෙම රොබෝ එක්ස් කිරණ ස්කෑනරය භාවිතයෙන් එහි නිවැරදිභාවය පරික්ෂා කරන ලද්දේ මේ නිසාය.

මැඩෝනා සහ ළමයා සිතුවම යුරෝපයේ විශිෂ්ට චරිත අත මෙන්ම ප්‍රචණ්ඩ සටන් සහ ලාභදායී කලා ගනුදෙනු ද පසුකර දීර්ඝ ගමනක් පැමිණ තිබේ. එය දැන් පුද්ගලික එකතුවක කොටසකි.

රෆායෙල් ඇත්ත වශයෙන්ම මෙම කෘතියේ නිර්මාතෘවරයා බව ලොව පුරා සිටින විශේෂඥයන්ගේ අධ්‍යයනවලින් මෙන්ම ජාත්‍යන්තර උපදේශක මණ්ඩලයකින් ද සනාථ වී තිබේ. ප්‍රාග්හි චෙක් ඉන්වෙස්ට්මන්ට් විසින් මෙහෙයවනු ලබන ඊඑස්ඒ ව්‍යාපාර පුර්ව ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයේ ආරම්භක සමාගමක් වන ඉන්සයිට්ආර්ට් විසින් මේ සඳහා තවදුරටත් සහාය ලබා දී ඇති අතර එය කලා කෘති පරීක්ෂා කිරීම සඳහා කොස්මික් අනාවරක තාක්ෂණය භාවිතා කරයි.

මෙම යන්ත්‍රය, “අංශු භෞතික විද්‍යාව සඳහා යුරෝපීය රසායනාගාරය” වන CERN හි නිපදවන ලද අංශු අනාවරකයක් භාවිතා කරන අතර එය අභ්‍යවකාශ ගවේෂණය සඳහා නැවත ප්‍රතිනිර්මාණය කරන ලද අතර චෙක් සමාගමක් වන ADVACAM විසින් නිෂ්පාදනය කරන ලදී.

“මෙම තාක්‍ෂණය – ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විකිරණ මැනීම සඳහා ද භාවිතා කරයි – තනි ෆෝටෝන හඳුනා ගැනීමට සහ ගණනය කිරීමට මෙන්ම ඒවායේ නිශ්චිත තරංග ආයාමය ස්ථාපිත කිරීමට ද මෙයට හැකියාව ඇත” යනුවෙන් ඉන්සයිට්ආර්ට් හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී ජොසෙෆ් උහර් පවසයි.

Facebook Comments