free hit counter

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සුරකින්න සජිත් පෙරමුණට

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම පොලිසියේ ප්‍රශ්න කිරීම් වලට ලක් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කථා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තම මතය ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිය සුරකින මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය,

සමාජ මාධ්‍ය තුළ තමන් තරම් අපහාසයට, උපහාසයට ලක්වූ කෙනෙකු නැති බවත්, නමුත් තමා කිසිවිටෙකත් ඒ වෙනුවෙන් පිළිබඳ අපහසුතාවයට පත් නොවූ බවත්, තමන් කැමති අදහස මතය ප්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිය පිළිගනිමින් කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

එසේම තමන් කිසිඳු සමාජ මාධ්‍ය ක්‍රියා ක්‍රියාකාරිකයෙකුට එරෙහිව බලය අයුතු ලෙස යෙදවීමට ඉඩ නොදෙන බවත් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් කියා සිටියේය. අන් අයගේ අදහස්, මත, යෝජනා, චෝදනා ඉවසීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතු බවත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ආණ්ඩුව බය වී ඇත්තේ ආණ්ඩුවේ සත්‍ය හෙළි වන නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

Facebook Comments