free hit counter

හැරී කුමරුගේ දෙවන දරුවා මේගන්ගේ කුසේදීම මියයයි

ජූලි මාසයේදී තමන්ට ගබ්සාවක් සිදු වූ බව හැරී කුමරු බිරිඳ මේගන් මර්කල් මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඇය පවසන්නේ තමන්ට හා හැරී කුමරුට එය “දරාගත නොහැකි ශෝකයක්” බවයි..

39 හැවිරිදි සසෙක්ස් ආදිපාදවරිය ප්‍රකාශ කළේ තමන් මේ පිළිබඳව මාධ්‍ය වෙත කියන්නේ ස්වභාවික ගබ්සාවීම් තවමත් සඟවා ගෙන වේදනාවෙන් සිටීමට බොහෝ කාන්තාවන් පුරුදුව ඇති බැවින් ස්වභාවික ගබ්සාවීම් පිළිබඳ අදහස සමාජය විසින් පිළිගතයුතු සාමන්‍ය කරුණක් බව අවබෝධ කරවීමට බවයි.

ජුලි මාසයේ සිදුවූ විනාශකාරී උදෑසන සිහිපත් කරමින් ආදිපාදවරිය කියා සිටියේ තම පළමු දරුවා වන මාස 14 ක් වයසැති ආචී සමග සිටින විට තමාට “තියුණු කැක්කුමක්” දැනුණු බවයි. ඉන් අනතුරුව ඇය බිම වැටී ඇති අතර යමක් නිවැරදි නොවන බව ඇයට හැඟී ගොස් තිබුණි.

“දරුවෙකු අහිමි වීම යනු බොහෝ දෙනා අත්විඳින නමුත් ස්වල්ප දෙනෙකු විසින් කථා කරන දරාගත නොහැකි ශෝකයකි. මගේ ස්වාමිපුරුෂයා සහ මම සොයාගත්තා කාන්තාවන් 100 දෙනෙකුගෙන් යුත් කාමරයක, ඔවුන්ගෙන් 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් ගබ්සා වීමෙන් පෙළෙන බව. මෙම පුදුමාකාර වේදනාව සඟවාගෙන ලැජ්ජාවෙන් හුදෙකලාව සිටීමට කාන්තාවන් පුරුදුව සිටී. මම අතිශය දුකට පත්ව සිටියද ඔවුන් වෙනුවෙන් කතා කළ යුතුයි ” මේගන් පවසනවා.

වෛද්‍යවරුන් සනාථ කරන්නේ මේ වනවිට මේගන් ගේ තත්ත්වය යහපත් බවයි. නමුත් ඔවුන්ගේ හදවතේ ඇතිවූ වේදනාව ඔවුන් සමගම පවතිනු ඇත.

Facebook Comments