free hit counter

බ්‍රිතාන්‍ය කුලී හේවායන් ලංකාවේ කළ යුද අපරාද ගැන පරීක්ෂණයක්

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයට සම්බන්ධ බ්‍රිතාන්‍ය කුලී හේවායන් සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් එංගලන්තයේ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.

පෞද්ගලික ආරක්ෂක සමාගමක් වන කීනි මීනි සර්විසස් සමාගම 1980 දශකයේ දී දෙමළ බෙදුම්වාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රභූ ඒකකයක්, විශේෂ කාර්ය බලකාය (STF) නමින් පුහුණු කරන ලදී.

විශේෂ කාර්ය බලකායට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා රාශියක් තිබේ.

නඩු විභාගයකින් තොරව ඝාතනය කිරීම සහ දෙමළ සිවිල් වැසියන් ඝාතනය කිරීම මෙයින් ප්‍රධාන චෝදනාය.

බ්‍රිතාන්‍ය කුලී හේවායන් යුද අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ මෙට්‍රොපොලිටන් පොලිසිය කරන පළමු පරීක්ෂණය මෙයයි.

පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේ බ්‍රිතාන්‍යයේ කුලී හේවායන් විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ මාර්තු මාසයේදී චෝදනා යොමු කිරීමක් ලැබී ඇති අතර අනතුරුව ඒ පිළිබන්ධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

1980 දශකයේ දී දෙමළ මිනිසුන්ට හෙලිකොප්ටර් තුවක්කු මගින් පහර දුන් අතර එම හෙලිකොප්ටර් යානා පියාසර කර බ්‍රිතාන්‍ය කුලී හේවායන් බව මෙම චෝදනාවල ප්‍රමුඛව සඳහන්වනවා .

Facebook Comments